ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ­ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ. මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට ආයෝජන අවස්ථා බහුල ව පවතින  ධීවර සහ ඖෂධ ආදී ක්ෂේත්‍ර සේම ආයෝජන ආකර්ෂණය ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර …

Continue Reading

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් 31 දා ලංකාවට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම එන්නත් තොගයෙන් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින් 490,000 කට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද …

Continue Reading

කෝටි 2000හේ ආරනූල් මැණික් පොකුර ‘ආණ්ඩුවේ විදේශ විනිමය අවුලට‘ බිලිවෙයිද ?

පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය. ‘‘ මේ වන …

Continue Reading

‘ඩෙල්ටා ප්‍රභේදය ගැන‘ තවත් හෙළිදරව්වක් !

කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි. “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල් ගත වීමේ වැඩි අවදානමක් ඇති බවට රටවල් දෙකක දත්ත අපට පෙන්වා දෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ මාරාන්තික අනුපාතයකට පරිවර්තනය වන බව …

Continue Reading

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ආරම්භ වේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ. ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා …

Continue Reading

පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු …

Continue Reading

නව සාමාන්‍යකරණය යටතේ කෘෂිකර්මාන්තය පිළිබඳ නව උපාය මාර්ග

වර්තමානයේ මහජන සෞඛ්‍යය කෙරෙහි ගෝලීය වශයෙන් බලපැම් එල්ලකර ඇති කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් ක්‍රම ක්‍රියාත්මක කළද බොහෝ රටවල් ජාත්‍යන්තරයට නොපවසා සමහර ප්‍රදේශ වසා දමන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකිය හැකි අතර පුරවැසියන් උදෙසා නිරෝධායන ක්‍රමද බලාත්මක කෙරේ. මෙරට පමණක් නොව අන් රටවලද විශේෂයෙන් ප්‍රාදේශීය නගර සහ මාවත් අගුළු දැමීම, සංචරණය සීමාකිරිම, වෙළඳපොළවල් වසා දැමීම, මුරපොලවල් සහ …

Continue Reading

විදේශ විනිමය අර්බුදයට බන්දුල ගුණවර්ධන ‘කාබනික ගොවිතැනින්‘ විසදුම් ඉල්ලයි

‘රටේ පවත්නා දරුණු විදේශ විනිමය ප්‍ර‍ශ්නය විසඳාගැනීම සඳහාත්, වේගවත් සංවර්ධනයකට පිවිසීම සඳහාත් කාබනික නිෂ්පාදන අපනයනය කිරීම වැදගත් වෙනවා‘ යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාබනික කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ අපනයන ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ කාබනික කෘෂිකාර්මාන්තය සමඟ ඉදිරියට යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, …

Continue Reading

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා. අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් …

Continue Reading

සේනාධිපතිට – ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කරගනියි

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) …

Continue Reading