එංගලන්තයේදී පිස්සු නැටූ ධනුෂ්ක – කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන්ට වැඩ වරදී

Spread the love

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර ඇත.

මේ තීන්දුව අනුව ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හට වසර දෙකක තරග තහනමකුත් නිරෝෂන් දික්වැල්ල හට මාස 18ක ක්‍රිකට් තහනමකුත් පැනවීමට අමතර තිදෙනාට ඇමරිකන් ඩොලර් 25,000ක දඩයක්ද නියම කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

නිමා වූ එංගලන්ත සංචාරයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එම සංචාරය අතර තුර ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණෙමින් වීදී සංචාරය කරමින් සිගරැට් පානය කිරීමට සැරසෙන අයුරු පුද්ගලයෙකු ගත් විඩියෝවක් තුළින් සමාජ මාධ්යයේ ශීඝ්‍රයෙන් සංසරණය වූ අතර එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළා.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත් ශ්‍රි ලංකා ක්‍රිකට් මෙම ක්‍රීඩකයින් තිදෙනාව වහාම ලංකාවට ගෙන්වාගෙන විනය ක්‍රියා මාර්ගයක් ගත්තේය.

Related Posts