අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නෑ – නි.සෞ.සේ.අ. ජනරාල්
අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවර්ධන මහතා අවධාරණයෙන් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවයි. …
Continue Reading
ජපානය ඇතුළු රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් හමුවෙති
මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Xugiyam මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (29) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය. ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව …
Continue Reading
සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකියි
අගෝස්තු මස 02 වැනි සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ‘‘දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවෙයි. පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී තිබෙනවා. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට වෙනවා‘ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …
Continue Reading
ඩෙල්ටා අවදානම තව දුරටත් තීව්‍රර වෙයි
පසුගිය දිනවල සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අතර COVID-19 පොකුරු සෑදී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ රහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මූලාශ්‍රයක් ඩේලිමිරර් පුවත්පත සමග හෙළිකර ඇත. මෙය විශේෂයෙන් දිනපතා හඳුනා ගන්නා නව COVID-19 …
Continue Reading
රිෂාඩ් බදූර්දීන් සහ Political Hub
මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය. 1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන් ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් …
Continue Reading
භාණ්ඩාගාර බැඳුම්කර 31%කට ගැණුම්කරුවෝ නෑ : දවසට රු. බිලියන 213ක් අච්චු ගහලා
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසරේ තනි දිනක් තුල මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇත. කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 …
Continue Reading
එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු …
Continue Reading
ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයෙන් උද්ඝෝෂණයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පිටදී පවත්වන ලදි. මෙහිදී එම සංගමය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත සංදේශයක් ද භාර දෙන ලදි.
Continue Reading
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග
කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය …
Continue Reading
Covid-19 Today Hot: මරණ සහ ආසාදිතයින් යළි ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් …
Continue Reading