මැණිකේ, කරුණාකර අපේ හදවත් බිඳ නොදමන්න!

දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන් සමඟ යොහානි යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ.  සත්‍යයට මුහුණ දෙමු: පසුගිය මාස කිහිපය තුළ යොහානි ද සිල්වාට ලැබුණු ජාත්‍යන්තර කීර්තිය හා පිළිගැනීම කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට ලැබී …

Continue Reading

ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි ජනපති හමුවෙයි

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ …

Continue Reading

මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායට

මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 30,000ක් අද (13) කොළඹ වරායෙන් ගොඩ බාන ලද බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාම,ලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කරන බව ද එම …

Continue Reading

විදේශ ඇමති GL රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ප්‍රජාව අමතයි

විදේශ අමාත්‍ය මහාචාර්යජී.එල්. පීරිස් මහතා අද  (13) දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය. සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සාමූහිකව සමස්ත රාජ්‍යතාන්ත්‍රික බලකායම හමුවීමට ලැබුණු පළමු අවස්ථාව අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදීම අගය කළේය. පෙර පැවති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, එතුමාගේ කැමැත්ත පරිදි එවැනි රැස්වීමක් මීට කලින් …

Continue Reading

‘වැදගත් පනත් දෙකක්‘ අද සිට බලාත්මක වෙයි

පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ (13) සිය සහතිකය සටහන් කළේය. සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන …

Continue Reading

ජීවන වියදම ගැන සාකච්ඡාවෙන් කැබිනට් එක රත්වෙලා

ඊයේ (11) රැස් වූ කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වූයේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් බව කැබිනට් අමාත්‍යවරයෙක් පැවසීය. අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යාම නිසා රජයට පීඩනයක් දැනෙන හෙයින්, අමාත්‍යාංශ විසින් භාවිතා කරන අනවශ්‍ය වාහන ඇතුළුව සියලුම රාජ්‍ය වියදම් අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය. ලෝක තෙල් මිල ඉහළ …

Continue Reading

ශ්‍රී ලංකාව වෛවාහක ස්ත්‍රී දූෂණයට එරෙහිව නීති සකස් කිරීම ප්‍රමාද කරන්නේ ඇයි?

(මෙම ලිපියේ දී ‘ස්ත්‍රී දූෂණය’ යන යෙදුම භාවිතා කෙරෙන්නේ, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරකම් සහ අඩත්තේට්ටම් සඳහා වන නීතිමය යෙදුම එය නිසාවෙනි) පීතෘමූලික සමාජ ක්‍රමයක් ඇති, ‘විවාහය’ පරම පූජනීය බැඳීමක් ලෙස සලකන ඉන්දියාවේ දී, පුරුෂයෙකු සිය බිරිඳට ලිංගික අඩත්තේට්ටම් සිදුකිරීම අපරාධයක් ලෙස නොසැලකේ. පසුගිය අගෝස්තුවේ චතිස්ඝර් මහාධිකරණයේ විනිසුරු එන්. කේ. චන්ද්‍රවංශී, “පුරුෂයෙකු සිය විවාහක බිරිඳ සමග බලහත්කාරයෙන් හෝ ඇගේ අකමැත්ත ඇතිව …

Continue Reading

දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතුයි- ඉන්දීයාව කියයි

දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි. දේශගුණික විපර්යාස සහ වසංගත වැනි ගැටළු සම්බන්ධයෙන් පමණක් නොව දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව බරපතල ලෙස එක්සත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි.” …

Continue Reading

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් නාරවානේ දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් එම් එම් නාරවාන(MM Naravane) අඟහරුවාදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් හමුවීමට නියමිත අතර එහිදී දෙරට අතර ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීම සඳහා …

Continue Reading

ගුරු-විදුහල්පති ‘ගැටලුවලට අදියර දෙකකින් විසඳුම්‘

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය. වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි. අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ …

Continue Reading