දේශීය කිරිපිටි සමාගම්වල මිලත් ඉහළට

හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා. නව මිල ඉහළ යාම සමග හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170ක් වෙනවා. පුද්ගලික …

Continue Reading

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ආරක්ෂක අංශ වලට නියෝග කළේය. අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ …

Continue Reading

ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය තුළ “ළමුන් තුළ බහු-පද්ධති දැවිල්ල ඇතිවීමේ සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන රෝගීන්ගේ පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූ බව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර උපදේශක, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය. ළමුන් 6 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙ හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එවැනි දරුවන් 78 දෙනෙකු දැඩි …

Continue Reading

කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය. මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර …

Continue Reading

ආගමික අන්තවාදයේ වඩාත් දරුණු ස්වරූපය ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් පැවසුවේ එවැනි භීතිකා විවේචනය කිරීමේදී තෝරා බේරා ගැනීම ‘අපේම අනතුරේ’ බවයි හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සික් විරෝධී භීතිකාවන් ඇතුළු ආගමික භීතිකා ඉස්මතු වෙමින් මුල් බැස ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟවීය.’ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල …

Continue Reading

‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී …

Continue Reading

මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. අද (14) පෙරවරුවේ ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව …

Continue Reading

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර විවෘත වෙයි

කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත් ව මේ වන තෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, …

Continue Reading

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම ගැන PB ජයසුන්දරගෙන් නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ. සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ. භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා …

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට ඇමැති නාමල් දෙන විසදුම

‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් විදේශවලින් එන භාණ්ඩවල මිල යම් විදියකට වැඩිවී තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලිකයි. භාණ්ඩවල මිල අඩුකරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඒවායේ මිල ගණන් අඩු කරන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා‘ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සදහා සහභාගීවෙමින් අද (14) දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින්  තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා …

Continue Reading