ජීවන වියදම ගැන සාකච්ඡාවෙන් කැබිනට් එක රත්වෙලා

Spread the love

යේ (11) රැස් වූ කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වූයේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් බව කැබිනට් අමාත්‍යවරයෙක් පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යාම නිසා රජයට පීඩනයක් දැනෙන හෙයින්, අමාත්‍යාංශ විසින් භාවිතා කරන අනවශ්‍ය වාහන ඇතුළුව සියලුම රාජ්‍ය වියදම් අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

ලෝක තෙල් මිල ඉහළ යමින් තිබියදී වුවත් ඉන්ධන මිල ඉහළ දැමීමට තමා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා උදය ගම්මන්පිල ඇමතිවරයාට අවධාරණය කළ අතර අර්බුදය ජය ගැනීම සඳහා විකල්ප මාර්ගයක් ඉල්ලා සිටියේය. ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ යුතු බවට ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ජනාධිපතිවරයා සමඟ එකඟතාවයක සිටියහ.

ජනතාවට හැකි ඉක්මනින් සහන සලසන සැලසීම සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම සඳහා විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය.

ජනපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයාට කියා සිටියේ ජනතාවට සහන ලබා දිය හැකි නව ක්‍රමවේදයන් සකස් කරන බවයි.

පාර්ලිමේන්තුවේදී ජීවන වියදම ඉහළ යාම පිළිබඳ සාකච්ඡා කරන ලෙසත්, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩි කළේ ඇයිද යන්න පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඔවුනට ලබා දෙන ලෙසත්, පසුව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Related Posts