විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ගුවන් තොටුපලේ වෙනම ද්වාරයක්
-
Editor
-
August 31, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් වෙන්වූ ද්වාරයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවෘත කරන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 1 වන දින එය විවෘත කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නව ද්වාරය බලාපොරොත්තුවේ දොරටුව ලෙස නම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
ප්‍රාදේශීය සභා 22ක් නගර සභා සමඟ ඒකාබද්ධ කිරීමට පියවර
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද්ධ කිරීමටයෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා. ප්‍රාදේශීය සභා 22ක් ඒ සඳහා තෝරාගෙන ඇති බවත් ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති පළාත් පාලන ආයතන පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම සහ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් …
Continue Reading
ආනයන සීමා නිසා ජංගම දුරකථන මිල ඉහළ යා හැකියි
-
Editor
-
August 30, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බවයි. මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර
-
Editor
-
August 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ වනවිට එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Continue Reading
හිටපු ජනපති නුදුරේදීම ලංකාවට එනවා – සාගර
-
Editor
-
August 30, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති බවත් ඉතාම නුදුරු දිනයකදී …
Continue Reading
දැන් පොහොට්ටුව පුපුරළා ඉවරයි
-
Editor
-
August 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙදරා ගොස් පොහොට්ටුව පිපිරී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. අදානී සමාගම ගෙන එන්නට හැදූ ගෑස් සැපයුම තුළ ඒකාධිකාරය ඔවුන්ට හිමිවන බවත්, එයට තමන් ඇතුළු පිරිස විරුද්ධ වී ජනතාවට පැවසීම හේතුවෙන් එවක රජය විසින් අමාත්‍යවරුන් දෙදෙනෙක් ධුරවලින් ඉවත් කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Continue Reading
IMF සාකච්ඡා සඳහා තවදුරටත් සහාය දක්වනවා
-
Editor
-
August 30, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්‍රී ලංකා – අමෙරිකා ව්‍යාපාර අතර තවදුරටත් සහයෝගීතාව දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා. මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය සඳහන් කරන්නේ. අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් …
Continue Reading
2023 වර්ෂයට පාසල් නිල ඇඳුම් පිරිනැමීමට චීනය එකඟ වෙයි
-
Editor
-
August 23, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද ඉල්ලීමක් අනුව, 2023 වර්ෂය සඳහා නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් මෙලෙස ප්‍රදානයක් වශයෙන් ලබාදීම එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවයි අදාළ කැබිනට් …
Continue Reading
ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි
-
Editor
-
August 23, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ජුලි මාසයේදී උද්ධමනය 66.7% ක් දක්වා ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ජූලි …
Continue Reading
PTA භාවිතය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
-
Editor
-
August 23, 2022
-
දේශපාලන
-
0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව එවැනි තත්ත්වයක් තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම නවත්වන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Continue Reading