IMF ණය පහසුකම මේ වසර අග වන විට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. බාහිර ණය හිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ ණය ලබා …

Continue Reading

කොළඹට විදුලි බස් රථ සේවාවක් හඳුන්වාදීමට අවධානය

    ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් …

Continue Reading

22 වන සංශෝධනට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු 9 දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට …

Continue Reading

වත්මන් ආණ්ඩුවට ඇත්තේ කල් ඉකුත් වූ ජනවරමක් – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් ඇති ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත්, එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යානුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවයක් බවත්, පවතින ආණ්ඩු සැලැස්ම තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියහැකි යැයි සිතිය නොහැකි බවත් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා. …

Continue Reading

පාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල්වලට රටේ වෙන නීති අදාළ නෑ – බන්දුල

පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක් දක්වන විට එවක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට බවත්, පාර්ලිමේන්තුව …

Continue Reading

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට රජයේ අවධානය

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මේ මස 13 වනදා බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත් දෙවන නෞකාව 29 වනදා පැමිණීමට නියමිත බවට මේ වන විට දන්වා ඇති බවයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන …

Continue Reading

ගෝඨාභය හෙට තායිලන්තයට

මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. අදාළ වාර්තාකිරීම …

Continue Reading

අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්

ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව …

Continue Reading

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ

අද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට ⁣ අවසන් විය. මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇත.

Continue Reading

ඖෂධ නියාමන අධිකාරිය සුද්ද කරන්න ඇමැති සැරසේ

ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණක් ආරම්භ කර තිබේ. ඖෂධ සමාගම් සහ ඖෂධ ලියාපදිංචියේදී සිදුවූ බව කියන …

Continue Reading