කොළඹට විදුලි බස් රථ සේවාවක් හඳුන්වාදීමට අවධානය

Spread the love

 

 

ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි.

මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇති අතර මීට අමතර ව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමටද අවධානය යොමුව තිබෙනවා.

Related Posts