හිටපු ජනපති නුදුරේදීම ලංකාවට එනවා – සාගර

Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති බවත් ඉතාම නුදුරු දිනයකදී හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන බවට බලාපොරොත්තු වන බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts