මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය නිසා මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට පාසලකට යන්නත් බැහැ

මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අවංක මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට පාසලකට පවා යාමට නොහැකිවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. උදෑසන පත්තර වැඩසටහන්වල මාධ්‍යවේදීන් සිදුකරන යම් යම් ප්‍රකාශ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ දරුවන්ටද පාසල්වලදී විවිධ ප්‍රකාශ කරමින් අපහාස කරන තත්ත්වයක් ඇතිවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ යම් අර්බුදකාරී තත්ත්ව ඇති මන්ත්‍රීවරු සිටින බව පිළිගන්නා බවත් එසේම මාධ්‍යවේදීන් අතරද අරක්කු බෝතල් දෙකක් ලබාදී යම් …

Continue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඉදිකිරීම් …

Continue Reading

LPL නව නිල ලාංඡනය එළි දක්වයි

රී ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ නව නිල ලාංඡනය එළිදක්වා තිබෙනවා. ඒ අනුව නව නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා විවෘත ආරාධනාවක් කළ අතර එලෙස ලැබුණු නිල ලාංඡන අතරින් එකක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

22 ට සහයෝගය නොදීමට පොහොට්ටුව තීරණය කරයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂයක් ලෙස සහයෝගය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ඇතැම් කරුණු හේතුවෙන් සහයෝගය ලබාදිය නොහැකි බවත්, 22 වන සංශෝධනය මුල් කරගනිමින් මන්ත්‍රීවරුන් අතර ගැටලුවක් ඇති …

Continue Reading

ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරඟය අදයි

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Geelong හිදී ආරම්භවීමට නියමිත අතර, මේ වන විට එම ප්‍රදේශයට පැහැබර කාලගුණයක් පවතින බවයි සඳහන් වන්නේ.

Continue Reading

ඍජු බදු වැඩි නොකළොත් නැවත පෝලිම් යුගයකට

සෘජු බදු අයකිරීම් 20% කට වඩා ඉහළ දැමිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය 14.5% – 15% ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා රු.100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බවයි. එසේ …

Continue Reading

බොරතෙල් ලබාගැනීමට ණය පහසුකමක් ලබාදීමට රුසියාව එකඟවෙයි

රුසියාවෙන් බොරතෙල් මිලට ගැනීම සඳහා රුසියානු බලධාරීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව රුසියානු රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගීවී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී මෙරට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා වාණිජ ණය පහසුකමක් ලබාදීමට රුසියාව එකඟතාව පළකර ඇති බවයි …

Continue Reading

ධනිෂ්ක ගුණතිලක ලෝක කුසලානයෙන් ඉවතට

මෙවර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ‍වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනිෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. කසුන් රාජිත මේ වන විට ශ්‍රී …

Continue Reading

අර්බුදය උග්‍ර වුවහොත් ශ්‍රේණිගත ආයතනවලට දැඩි බලපෑම්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් දීර්ඝ කාලයක් පැවතියහොත් හෝ උග්‍ර වුවහොත් එමඟින් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා. ඒ අනුව එමඟින් පාරිභෝගික භාණ්ඩ, විදුලිබල උත්පාදන සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට සම්බන්ධ සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වෙයි

ඊයේ එමීර් රාජ්‍යය සමඟ පැවති තරඟයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම අහිමි වී තිබෙනවා. මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ ප්‍රමෝද් මධුෂාන්ද මස්පිඬු ආබාධවලට ලක්ව ඇති අතර ඔවුන්ව ස්කෑන් පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

Continue Reading