මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු පසුගිය දා  ආරම්භ කළේය. දැනට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි මුදල් පැවරීම් සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරී ආයතන විසින් නියාමනය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඒ හා සමාන සේවා …

Continue Reading

කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල හා කොදෙව් කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ 15 වැනිදා සිට 21 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා …

Continue Reading

ඉතා තීරණාත්මක අණපනත් 15ක් ගැන අධිකරණ ඇමැති කළ හෙළිදරව්ව

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මිය කමිටුවේ සභාපති ධූරයට. කමිටු වාර්තාව සැප්තැම්බර් 15 දිනට පෙර ජනපතිට ලබා දීමට උපදෙස්. 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් …

Continue Reading

රටේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන ආකාරය ගැන ජනපති කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජයයි ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා. මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නැහැ. පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතුයි – ජනපති. …

Continue Reading

ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී ඇත. මේ අතර සහභාගී වූ තරග තුනෙන්ම ජයගත් දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට සදහා තේරී පත්වී ඇත. විටින් විට ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ ලව්ඩර්හිල්හි පැවැති තරගය එකඳු …

Continue Reading

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් …

Continue Reading

විශේෂ හෙළිදරව්ව: මෝදි ගැන 100%ක් නිවැරදි අනාවැකි කී සමාගමෙන් ලංකාවේ ජනපති අපේක්ෂකයින් ගැන විශේෂ හෙළිදරව්වක්

මෝදි ගැන අනැවැකි කී සමාගම ලංකාවට රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාරගේ ජනප්‍රියත්වය මැනීමට සූදානම් මිලියන 9.3 ක පුරවැසියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනයට නවතම මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ අපේක්ෂකයින් තිදෙනාම සියයට 25ක් වත් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවයි තීරණය නොකළ ඡන්දදායකයින් සියයට 35 ට වැඩි යි පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ …

Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් ‘ලෝක වාර්තාවක්‘

වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති වැඩිම වාර ගණනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (2015-19) පත්ව සිටින බව බී.බී.සී සන්දේශය විසින් අද (10) දින පළ කරන ලද විශේෂ ලිපියක සඳහන් වෙයි. එම වාර්තාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු තුන් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය …

Continue Reading

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ඩග්ලස් දේවානන්දගේ දැවැන්ත ඉඩම් කොල්ලය

ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000 ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය …

Continue Reading