ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා සහ අධ්‍යක්ෂ …

Continue Reading

දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා

උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ. සංකේතාත්මකව සිසුන් 5108කට අද දින ශිෂ්‍යත්ව. එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ. ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්. දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය …

Continue Reading

රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් ජනපති ගැන දුන් සහතිකය

සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල කර පළපුරුද්දක් නොමැති පාර්ශ්වයක් වෙත භාරදී රට නැවතත් අගාධයට ගෙන යනවා ද නැද්ද යන්න ජනතාව නිවැරදිව සිතා බලා තීරණය කළ …

Continue Reading

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්. අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකි අතර ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි – ජනපති “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් පවසයි. මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව …

Continue Reading

ජූලි මාසයේදී තැපැල් මුද්දරයට වෙන්න යන දේ

සාමාන්‍ය තැපැල් මුද්දරයක මිල ජුලි මාසය වන විට 100ක් දක්වා ඉහළ නංවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. සාමාන්‍ය තැපැල් මුද්දරයක මිල 2022 කට පෙර රුපියල් 15ක් වූ  අතර එහි වත්මන් මිල රුපියල් 50කි. මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබන බව ඔහු පැවසීය. “පසුගිය වසරේ පාඩුව රුපියල් මිලියන 3,200 දක්වා අඩු කළා. නමුත් …

Continue Reading

‘මස් කන බැක්ටීරියා’ : ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දෙන සහතිකය

මේ දිනවල ජපානය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව කියන Streptococcal Toxic Shock Syndrome (STSS) හෙවත් ‘මස් කන බැක්ටීරියා‘ ලෙස හඳුන්වන බැක්ටීරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව කලබල වීමට හේතුවක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරති. Streptococcal Toxic Shock Syndrome ආසාදිත රෝගීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ජපානයෙන් වාර්තා වී ඇති අතර මෙම පුපුරා යාම සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර බියක් ඇති කර …

Continue Reading

ව්‍යවස්ථා දායක සභාව නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්‍ෂෙප කරයි

නීතිපති සංජය රාජරත්නම් (PC) ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Continue Reading

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය. එසේම බුදු දහමේ පැවැත්මට …

Continue Reading

යෝජිත කුලී ආදායම් බද්ද ගැන ජනපති දුන් සහතිකය

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි. සමලිංගික විවාහ පිළිබඳ සම්බන්ධයක් මෙම පනතට නැහැ. බුදු දහමට තිබෙන රැකවරණයත්, කාන්තා අයිතිවාසිකමුත් ආරක්ෂා වන පරිදි තීන්දු ගත යුතුයි – ජනපති. පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ …

Continue Reading

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව …

Continue Reading