හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ ඊයේ (7) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරේ. මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු පසු ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම සහ …

Continue Reading

සහල් – පොල් රටින් ගෙන්වන්න කැබිනට්‌ අනුමැතිය

මහා භාණ්‌ඩාගාරයේ අධීක්‌ෂණය මත ඕනෑම පෞද්ගලික ආයතනයකට සහල් ආනයනය කිරීම සඳහා ඉඩ ලබාදීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. උත්සව සමයේ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අතර සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්‌ෂණය යටතේ මෙලෙස පොල් ආනයනය කෙරේ. මෙයට අමතරව පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය …

Continue Reading

පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයි

ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳ අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ …

Continue Reading

පාසැල් නිවාඩුව 8 දා සිට

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරය ලබන 8 වැනිදායින් (අනිද්දා) අවසන් කෙරෙන අතර නව වසර (2018) සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ජනවාරි මස 2 වැනිදාය.

Continue Reading

අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්‌ දක්‌වා වර්ධනය වෙමින් ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සහ එම මුහුදු කලාපයේ තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක්‌ ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දිවයිනට කිලෝ මීටර් දෙසීයක්‌ ඔබ්බෙන් ඊසාන නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශවල සුළඟේ …

Continue Reading

ගෝඨාගේ පෙත්සම යළි සලකා බැලීම අද

දිවංගත ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. එම පෙත්සම සලකා ඉකුත් …

Continue Reading

රත්නපුරයේ එච්. අයි. වී. ආසාදන ප්‍රවණතාවක්‌

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බොහෝ දෙදෙනක්‌ මත්ද්‍රව්‍ය විද ගැනීම් නිසා එච්. අයි. වී. ආසාදිතයන් වීමේ ප්‍රවණතාවක්‌ද මතුව තිබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ චමින්ද පියසේකර මහතා පැවැසීය. දැනට හෙරොයින් භාවිත කරන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන අතර එය ද එච්. අයි. වී හා සමාජ රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක්‌ වන බව තවදුරටත් පැවැසීය.

Continue Reading

මැකෝ තදින් සිටී -මැතිවරණ සමයේ බඩු බෙදුවොත් බලාගෙනයි

පළාත් පාලන මැතිවරණ සමයේ ඡන්ද ඉලක්ක කර ගනිමින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කිසිදු වැඩ සටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවත් එමෙන්ම වැනි වැඩසටහන් සඳහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් කිසිම ආඅකාරයකින් සම්බන්ධ කර නොගන්නා ලෙසත් මැතිවරන කොමිසම අදාළ බලධාරීන්ට ලිඛිතව දන්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම් වරුන් පළාත් පාලන ලේකම් වරුන් , අමාත්‍යංශ ලේකම් වරුන් …

Continue Reading

සීමා නිර්ණ වාර්තාවේ පැවැති අඩුපාඩු නිසා කල් දැමූ නාමයෝජනා අද කැඳවයි

අධිකරණ අතුරු වාරණ නියෝගය හේතුවෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවූ පළාත් පාලන ආයතන 248 ක නාම යෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් විශේෂ නිවේදනය අද (4 වැනිදා) මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිතය. මෙම නිවේදනය නිකුත් කිරීම දිස්‌ත්‍රික්‌ තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. අද (4 වැනිදා) මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පළාත් පාලන ආයතන 341ක ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස 10 වැනිදා …

Continue Reading

දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්‌

පෞද්ගලිකව දේශපාලන මතවාදයක්‌ පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයකුට දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී ඉකුත් 01 දා යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කොට තිබේ. රටේ ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්‍ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා …

Continue Reading