දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්‌

Spread the love

පෞද්ගලිකව දේශපාලන මතවාදයක්‌ පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයකුට දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී ඉකුත් 01 දා යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කොට තිබේ.

රටේ ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්‍ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලීමක්‌ කොට තිබේ.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කැපවී සිටින යුද හමුදාව විනය ආරක්‍ෂා කර ගනිමින් ප්‍රදේශයේ සියලු ජනතාව සමග ඉතා සුහදව කටයුතු කිරීමත් ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟෙන අන්දමේ කටයුතුවලට දායක වීමමිස දේශපාලන කටයුතුවල නියෑලීමෙන් වළකින ලෙසත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

RSL

Related Posts