චැනල්-4 වැඩසටහන් විමර්ශන උගත් පාඩම් කොමිසමේ වාර්තාවට

පී.ටී.අයි.පුවත් සේවය වාර්තා කරන ආකාරයට බි‍්‍රතාන්‍යයේ චැනල්-4 රූපවාහිනිය ශී‍්‍ර ලංකාව පිළිබඳව ප‍්‍රචාරය කළ වැඩසටහන් දෙක සම්බන්ධයෙන් උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම සිදුකළ විමර්ශනයන් එම කොමිසමේ අවසන් වාර්තාවට එක් කිරීමට සූදානම් බවත් එම වාර්තාව නොවැම්බර් 15 වැනිදා ජනාධිපතිවරයාට භාරදෙන බවත් සඳහන් වේ. යුද්ධයේ අවසන් භාගයේදී ආරක්‍ෂක හමුදා විසින් එල්ටීටීඊ සාමාජිකයින් ඝාතනය කළ බවට එම වැඩසටහන්වලින් චෝදනා කොට තිබේ. එම චෝදනා …

Continue Reading

එක්දින තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

ඊයේ(20අගෝ.)ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවති සිව්වැනි එක්දිනජාත්‍යන්තර තරඟයෙන් ඕස්ටේ‍්‍රලියාවට කඩුළු පහක පහසු ජයක් ලබාගත්තේය. ඒ අනුව, තරඟාවලියේ තවත් එක තරඟයක් ඉතිරිව තිබියදී 3-1 ක් වශයෙන් තරඟාවලිය ජයගැනීමට ද ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව සිටී. අද තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලකුණු 132 කට දැවී ගියේය. ඕස්ටේ‍්‍රලියාව කඩුළු පහක් දැවී ලකුණු 133 ක් ලබා තරඟයජයගත්තේය. පස්වැනි සහ අවසාන එක්දින තරගය …

Continue Reading

යොවුන් හදවත් තෙමා ගලා යන සදහම් අමා දියවර රුහුණු සරසවියෙන්

රුහුණු පොදු සිසු බලවේගය හා රුහුණු විද්‍යාපිඨ බෞද්ධ සංගමය එක්ව යොවුන් හදවත් තෙමා ගලා යන සදහම් අමා දියවර යොවුන් දහම් කතිකාව හා ධර්ම දේශන වැඩසටහන අද දවස පුරා රුහුණු විශ්ව විද්‍යාල ගෘහස්ත ක්‍රීඩාගාරයේදී මාතර අපරැක්ක මහමෙවුනා භාවනා අසපුවේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලාගේ මඟපෙන්වීම යටතේ විද්‍යාපීඨ බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන් හා ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහාභාගී …

Continue Reading

ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරඟයක

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා යාමට නම් අද (20 අගෝ.) පැවැත්වෙන තරගය ද ශ්‍රී ලංකා පිල ජයගත යුතු වෙයි. තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2ක් ම මේ වනවිට ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව අද තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන අතර 2-1 ලෙස තිබෙන තරග ජයග්‍රහණ ප්‍රතිඵලය 2-2 කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද තරගයට මුහුණදෙති. කොළඹ, ඛෙත්තාරාම …

Continue Reading

අපි ජනතාවට වග කියනවා. ඒ වගකීම තියෙනවා. මාධ්‍යට ඒ වගකීම නැහැ – රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂ  මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ  දේශපාලන දිවියට 30 වසරක් පිරීම හා 50 වැනි වියට පා තැබීම නිමිත්තෙන් ඔහුගේ අත්දැකීම් අලලා රචිත ‘තිස්ස’ නම්වූ ග්‍රන්ථය ඊයේ (19 අගෝ.) කොළඹදී එළිදක්වීය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියහ. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය. “අපෙයි මාධ්‍යයි …

Continue Reading

ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

උරහිසේ මතුව ඇති ආබාධයකට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (19 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි. ප්‍රතිකාර ලබා පැමිණි ‍ෆොන්සේකා එහි පැමිණ සිටි පිරිස සමගද කතාබහක නිරත විය. “ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා ඇතින්නක් අයින් කරලා කිරි බොන පැටියාගෙන්, පැටියා මැරිලා. මේවාගේ වැඩ කිසිම ශිෂ්ටාචාර රටක වෙන්නේ නැහැ. මේ වගේ …

Continue Reading

“Construct 2011” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මඟින් 11 වන වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රදර්ශනයක් වන “Construct 2011” ඊයේ (19 අගෝ.) සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. මෙම ප්‍රදර්ශනයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රකට දෙස් විදෙස් සමාගම් රැසක් එක් ව සිටිති. නිවසක් තැනීමේ දී දැන ගත යුතු සියලු කරුණු හා අංගෝපාංග මෙන් ම …

Continue Reading

පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට බලවේග ක්‍රියාත්මක වෙනවා – අගමැති

පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට වර්තමානයේ පමණක් නො ව ඉතිහාසයේදීත් බලවේග ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා කෑගල්ල, යට්ටෝගොඩ, යටාලතිස්ස ධර්මායතන විහාරස්ථානයේ අභිනව චෛත්‍යට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විහාරස්ථානය වටා ජනතාව පෙළ ගැසුණහොත් අප ජාතියට එරෙහි ව ක්‍රියාත්මක වන අභියෝග පළවා හැරීමට එය ශක්තියක් …

Continue Reading

මොණරාගල රෝහලේ ශල්‍යකර්ම නවතී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර සඳහන් කරමින් කියා සිටින්නේ කළේ, නිර්වින්දන වෛද්‍යවරයකු රෝහලට යොමු නොකිරීමට විරෝධය පළ කරමින් මොණරාගල රෝහලේ ශල්‍යකර්ම අත්හිටුවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි. විවධ අවස්ථාවන්හී සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නද ගැටලුවට මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ, අදාළ රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලු …

Continue Reading

ගෑස් මිල යළි ඉහළට, සිලින්ඩරයක මිල රු. 2000 පනී

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 156 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. මේ අනුව ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නවතම මිල රුපියල් 2046 දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading