යුද අපරාධ කුමන්ත‍්‍රණ පරදවන්න අවුට් ඔෆ් වෝ

ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක වන යුද අපරාධ චෝදනාවට එරෙහිව නැගී සිටීමට ”යුද අපරාධ කුමන්ත‍්‍රණය පරදවමු” යන තේමාව යටතේ වෙබ් අඩවියක් සහ ග‍්‍රන්ථ කීපයක් එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (18 අගෝ.) පස්වරුවේදී සිදු විය. එම වෙබ් අඩවිය අවුට්ඔෆ්වෝ ඩොට් කොම් www.outofwar.com ලෙස නම් කර තිබේ. මෙම වෙබ් අඩවියේ ජාතික කැඳවුම්කරු ලෙස එස්.එල්. ගුණසේකර මහතා කටයුතු කරයි.

Continue Reading

වැටුප් අරගලය පුළුල් ජනතා අරගලයක් දක්වා – කේ. ඩී. ලාල්කාන්ත

ඊ‍යේ (18 අගෝ.) සවස කොළඹ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකර ගැනීමේ අරගලය ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී එය පුළුල් ජනතා අරගලයක් බවට පත්කර ගැනීමට කටයුතු කරන බවත්ය. සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකරගැනීමේ අරගලය හා එක්වෙමින් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම …

Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ “බිහිදොර අභියස” කලා උළෙල සඳහා ආධාර එකතුකරමින් සිට එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය 3ක් පමණ රදවා තබා ගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සිසුන් අතර ශිෂ්‍යාවන් 5ක් සහ භික්ෂූන් වහන්සේලා දෙනමක්ද සිට ඇත. කෙසේ වෙතත් එසේ රදවා තබා ගැනීමට හේතුව පොලීසිය ඔවුන්ට දැනුම්දී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය …

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍යයි – හිටපු ජනාධිපතිනිය

සිංහල පුවත්පතක ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධයෙන් අදහස දක්වමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය අවධාරණය කර සිටියේ කිසිදිනක තමා එක්‌සත් ජාතික පක්‌ෂයට නොයන බවත් එවැනි ප්‍රචාරයන් අසත්‍ය බවත්ය. හිටපු ජනාධිපතිනීය මේ බව පැවසුවේ ඊයේ (18 අගෝ.) කොළඹ පදනම් ආයතනයේ පැවැති එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතාගේ ස්‌වයං චරිතාපදානය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍ය …

Continue Reading

දුරකථන සංඥාවකින් දොර ජනේල වැසිය හැකි උපකරණයක්

ඕනෑම දුර ගමනක් ගොස් සිටියදී වුවද දුරකථන සංඥාවක් මඟින් නිවසේ දොර ජනේල් වස්ස දැමියක් හැකි සහ විදුලි පරිපථ ආධාරයෙන් විදුලි පහන් නිවා දැමිය හැකි සහ දැල්විය හැකි විශේෂ උපකරණයක් තැනීමට අම්පාර සද්ධාතිස්ස විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන ගයාන් මධුශංක සිසුවා සමත්වී ඇත. කින්නියා මහා අධ්‍යාපන ප්‍රදර්ශනයට මෙම නව නිර්මාණය ඉදිරිපත් කළ ඔහුට ඒ සඳහා ප්‍රථම ස්ථානයද හිමිවී ඇති බවද …

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවය මොස්කව් අතර සෘජු ගුවන් ගමන් අරඹයි

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ප්‍රාදේශීය කාර්යාලයක් රුසියාවේ මොස්කව් අගනුවර විවෘත කරන ලද අවස්ථාවට එක් වෙමින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ, 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 5 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, දැනට රුසියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන අතර රුසියාව සමඟ නව ගුවන් ගමන්සේවා ඇරඹීමෙන් සංචාරකයන්ට එය මහත් රුකුලක් වන …

Continue Reading

දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා

භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ (17 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය. අද පෙරවරුවේ සරත් ෆොන්සේකා රෝහලට පැමිණි අවස්ථාවේ මෙසේ පැවසීය. “බාල  පොල්, බාල  තෙල්, දැන් බාල සිමෙන්ති. දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා. දූෂිත පාලකයා නීති කඩන හින්දා රටේ මිනිස්සුත් නීති කඩනවා. දැන් හමුදාවට ගහනවා පොලිසියට පහර දෙනවා. ලංකාව ඔහොම ගියොත් ඉතියෝපියාව වගේ …

Continue Reading

උතුරට නව ඉන්ධන පිරවුම්හල් 17 ක්

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසන ආකාරයට උතුරු පළාතට අයත් දිස්ත්‍රික් 5 ම ආවරණය වන පරිදි තවත් ඉන්ධන පිරවුම්හල් 17 ක් ඉදිරි මාස 5 කාලය තුළ ඉදිකර ජනතා අයිතියට පැවරීමට ඛනිජ තෙල්කර්මාන්ත අමාත්‍යාශය යටතේ පවතින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ඒ අනුව යාපනය දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලක්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඉන්ධන …

Continue Reading

එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට යයි

ප්ලාස්ටික් කූඩ භාවිත නොකිරීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන  එළවළුවලින් 35%ක් සහ පලතුරුවලින් 45%ක් ප්‍රවාහනයේදී  අපතේ යන බවත් එම නිසා ඉදිරි කාලයේ දි එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා පැවසූ බව වාර්තා වේ. ඒ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ පේරාදෙනිය ගන්නෝරුවේ සේවා සංස්කරණ …

Continue Reading

පක්ෂ නායකත්වයට කිසිවෙකුට අභියෝග කළ නොහැකියි – තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (17 අගෝ.) පස්වරුවේදී යළිත් රැස්විය. මෙහිදී පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකත්වයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නායකත්වයේ බලතල පුළුල් කර ඇති බවත්ය. එමෙන්ම පක්ෂයේ විනය කඩකරන ඕනෑම අයකුට විනිය නීති ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කළේය. අලුත්වැඩියාවක් සඳහා …

Continue Reading