සංශෝධිත අයවැය 30 වනදා පාර්ලිමේන්තුවට

සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ. සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Continue Reading

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Continue Reading

අදානි සමාගම NDTV බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගනී

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ, තම එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමාගම සඳහන් කරන්නේ, තමන් සතු මූල්‍යමය හිමිකම …

Continue Reading

අටවාගත් පාලනය පවත්වාගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව – විමල්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ 09 ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටේ ඇති දේශපාලන පක්ෂවලට සහ ජනාධිපතිවරයාටද පවතින තත්ත්වය දෙස බලා රට ගොඩ ගැනීමට කැපවීමක් කිරීමට කිසිඳු උවමනාවක් දක්නට …

Continue Reading

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ඊයේ (23) දිවයිනට පැමිණ තිබුණා. අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වනවා.

Continue Reading

නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න

කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය. ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි. “කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි …

Continue Reading

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි?

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතු බවත්, නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බියවිය යුතු නැති බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ …

Continue Reading

ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක්

ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (21) පැවසීය. කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව කී කුමාර රාජපක්ෂ මහතා කාර් රථයකට පෙට්‍රල් ලීටර 20 …

Continue Reading

නියත වශයෙන් ජනපති රට ගොඩ දමනවා

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. “දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ බාරකාරත්වයට පත්ව වෙස් වලාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව ද නාහිමියෝ සඳහන් කළහ. …

Continue Reading

අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර  බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු කොට හැබැයි මේ තුළින් තහවුරු වන බවත් මහලේකම්වරයා නිවේදනයක් …

Continue Reading