රාජ්‍ය සේවකයින්ට මැකෝගෙන් ඉල්ලීමක්
ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ, ස්වකීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා නීතියෙන් තහනම් නොකරන ලද ක්‍රියාමාර්ග ගැනීමට රජයේ සේවකයින්ට සහ වෘත්තිය සමිතිවලට ඇති අයිතිවාසිකමට මැතිවරණ කොමිෂන් සභාව ගරු කරන බවයි. එසේ වූවත්, රාජ්‍ය සේවයේ සියලු සේවකයින් සිය කාර්යන් ඉටු …
Continue Reading
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් ඉදිරිපත්වන ජනාධිපතිවරණය මෙවර
2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මීට අමතරව L.A.M හිස්බුල්ලා, M.K සිවාජිලිංගම්, මහීපාල හේරත්, ගුණපාල තිස්ස කුට්ටිආරච්චි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. ජනාධිපතිවරණයට තරග …
Continue Reading
ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි අභියාචනය ප්‍රතික්ෂේප වුණු අයුරු
හිටපු ආරක්‍ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වළක්‌වන මැන්ඩාමුස් රිට් ආඥවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (04 දා) පස්‌වරුවේ ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කළේය. තම අධිකරණය හමුවට ඉදිරිපත් වූ ලේඛන හා සියලු පාර්ශ්ව විසින් දක්‌වන ලද කරුණු …
Continue Reading
මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළ අතිසාර්ථකව ඉදිරියට ඇවිත්
කුමන බාධා එල්ල වුවද රටේ අනාගත පරපුර මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ මේ වන විට විශිෂ්ට ලෙස සාර්ථකත්වයට පත්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටේ බරපතළ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පසුගිය වසරවලට සාපේක්ෂව විශිෂ්ට ලෙස ඉදිරියට පැමිණ තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා රට තුළ මත්ද්‍රව්‍ය දැඩි ලෙස පාලනය කර තිබෙන බව ද …
Continue Reading
මෛත්‍රීගේ නියමිත ධුරකාලය ඉල්ලා පෙත්සම දැමූ පෙත්සම්කරුට අවවාද කොට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දමයි
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය. මෙම පෙත්සම අද(04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ (වීඩියෝ)
“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ. මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ. එතුමා ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා. නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් …
Continue Reading
සජිත්, රවීගේ “හංසයා”ගෙන් එන්න ඇප වෙයි
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තාවේ. නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ හෙවත් “හංසයා” එජාප උප නායක රවී කරුණානායකට අයත් වන අතර අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කර …
Continue Reading
ශ්‍රීලනිපයේ ප්‍රබලයින් දෙපලක් සජිත්ගේ සහයට
හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරු ඊයේ (02) දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග එක්වූහ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙදෙනා සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දක්වන බව ප‍්‍රකාශ කළහ. අතාවුද සෙනෙවිරත්න මහතා සබරගමුව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙසද එක්සත් ජනතා නිදහස් සන්ධාන යටතේ …
Continue Reading
ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්; ඉදිරි පැය 24 තීරණාත්මක වන ලකුණු!
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇති බව වාර්තා වේ. පෙත්සම්කරු කියාසිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් …
Continue Reading
රාජපක්ෂලාට පක්කිලිකම් කරන දුම්රිය වෘත්තීය සමිති ඒජන්තයින් නිසා දුම්රිය සේවකයින්ගේ රැකියා අනතුරේ
වත්මන් රජය විසින් සියලු විෂමතා ඉවත්කොට රාජ්‍ය සේවයකින්ගේ වැටුප් 107%කින් වැඩිකොට ඇති පසුබිමක් තුළ රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන්ට පක්කිලි කම් කරන වෘත්තීය සමිති ඒජන්තයින් හරහා ක්‍රියාත්මක දීපව්‍යප්ත වැඩ වර්ජන මාලාවට සමගාමීව සිදුවන දුම් රිය වැඩ වර්ජනයගේ නිරත සේවකයින්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට තිබේ. දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් …
Continue Reading