දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් – ඩිව් ගුණසේකර

කම්කරු නායක එම්.ජී.මෙන්ඩිස් සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකදී මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් බවයි. රජ්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යලයේදී එය පැවැත්විය. එහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මෙසේ සඳහන් කළේය. “එම්.ජී.මෙන්ඩිස් මේ රත්ගම හිටිට එම්.ජී.මෙන්ඩිස් තමයි ඒ පාතාල ලෝකයත් එක්ක හැප්පිලා විප්ලවවාදී වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාතාල ලෝකය එක්ක හැප්පිලා. අද …

Continue Reading

දෙවන ටෙස්ට් තරඟයෙන් පකිස්තානයට කඩුලු 9 ක ජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායි හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් අත්කර ගත් පාකිස්තානය තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ පාකිස්තාන පිලේ දඟපන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 257 කට සීමා කරමින් ලකුණු 94 ක පහසු ඉලක්කයක් සිය …

Continue Reading

විභාග ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ලෝකයේ නින්දා සහගතම විභාග ක්‍රමය බවයි. “මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ. අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක …

Continue Reading

‘යහපාලන ඇති කිරීමට බලපෑම් කරන්න’, භාරතගේ සොයුරා පොදු රාජ්‍ය මණ්ඩලයට ලියයි

ශී‍්‍ර ලංකාවේ යහපාලනය ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි ඝාතනයට ලක්වූ ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ සොහොයුරු අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන අරමුණු දෙකක් වන්නේ, යහපාලනය සහතික කිරීම හා මානව හිමිකම් සුරැුකීමට සහාය වීම බව අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා එමඟින් කියා සිටී. ශී‍්‍ර ලංකා රජය එම අරමුණු දෙක සාක්‍ෂාත් කරගැනීමට තබා ඒ …

Continue Reading

මම කිසිවකුගේ වහලෙකු නොවේ – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

මන්ත‍‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට සුදානම්වන්නේ, තමාව අපහසුවට පත් කිරීමට බවත් විශ‍‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව කළ හැකි අන්දෙයක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (30 ඔක්.) කොළඹදී පුවත්පත් සාකච්ජාවක් කැදවමින් පැවැසීය. තම සේවය පසසමින් ජනපතිතුමාම විශේෂ ලිපියක් දී ඇති බවත් මන්ත‍‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු …

Continue Reading

බස් ගාස්තු ඉහළ යන ලකුණු

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්දන මිළ ඉහල දැමීම හේතුවෙන් භාණ්ඩ රැසක මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ ඉක්මනින්ම තීරණයක් ගන්නා බවයි. ලබන අඟහරුවාදා සංගමයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිලිබදව ප්‍රකාශ …

Continue Reading

2013 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ‍්‍රී ලංකාවේදී

ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන සංකීර්ණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ (30 ඔක්.) සාර්ථක ව නිමාවට පත් වූ අතර මීළඟ සමුළුව 2013 දී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට එහි දී යළිත් ප‍්‍රතිඥා දෙනු ලැබීය. එම සමුළුවේදී මීළඟ සමුළුව වසර 2013 දී ශ‍්‍රී ලංකාවේ දීත් 2015 දී මෞරිෂියස් රාජ්‍යයේ දීත් පැවැත්වීමටත් 2019 දී මැලේසියාවේ පවත්වන …

Continue Reading

ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් කාර්ඩිනල් හිමිපාණන් කෙසේ ප්‍රතිචාරය දක්වයි දැයි සැක සහිතයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් වන ආයාචනයක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය ජයලත් ජයවර්ධන දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ වෙත භාර දෙයි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත, පසුගිය දා (26 ඔක්.) වතිකානුවේදී එම ආයාචනය භාරදීම සිදුවිය. ෆොන්සේකා මහතා ත‍්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට පෙරමුණ ගෙන කි‍්‍රයා කිරීමේ සිට සිරගත වීම දක්වා වූ සිදුවීම් ජයවර්ධන මහතා විසින් පාප් වහන්සේට …

Continue Reading

කොරියානු භාෂා විභාගයෙන් 145 දෙනෙකු ලකුණු 100 ම ලබයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 145 දෙනකු අදාළ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100 ම ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ විභාගයෙන් සමත්වීමේ අවම සීමාවවූ ලකුණු 62ක් ලබා ගනිමින් 9998 දෙනෙකු සමත්වී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි. නව වැනි වරට පැවැති මෙවර විභාගය ඉතාම සාධාරණ හා …

Continue Reading

වෙරළේ ඉදිකිරීම් තහනම් කළත් පදිංචිකරුවන් ඉවත් කරන්නේ නෑ

වෙරළේ ඉදිකිරීම් තහනම් කිරීමේ නීතිය යටතේ මොනම හේතුවක් නිසාවත් මුහුදු වෙරළ ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් නොකරන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි අනිල් ප්‍රේමරත්න මහතා අවධාරණය කරයි. 1981 වෙරළ සංරක්ෂණ පනත යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල අනුව මුහුදු වෙරළේ ඉදිකර ඇති අවන්හල් සහ වෙරළ පිවිසුම් මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකර ඇති තාප්ප ඉවත් කළ යුතුය. ප්‍රේමරත්න මහතා අවධාරණය කරන පරිදි …

Continue Reading