ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් කාර්ඩිනල් හිමිපාණන් කෙසේ ප්‍රතිචාරය දක්වයි දැයි සැක සහිතයි

Spread the love

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් වන ආයාචනයක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය ජයලත් ජයවර්ධන දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ වෙත භාර දෙයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත, පසුගිය දා (26 ඔක්.) වතිකානුවේදී එම ආයාචනය භාරදීම සිදුවිය.

ෆොන්සේකා මහතා ත‍්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට පෙරමුණ ගෙන කි‍්‍රයා කිරීමේ සිට සිරගත වීම දක්වා වූ සිදුවීම් ජයවර්ධන මහතා විසින් පාප් වහන්සේට පැහැදිළි කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර කොළඹ සිටින වතිකානු තානාපති ජෝර්ජ් ස්පිටේරි අගරදගුරු හිමිපාණන්ගෙන් හා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ලබාගන්නා ලෙසට ඔහු පාප් වහන්සේගෙන් ඉල්ලා තිබේ.

අප වෙත තම අදහස් පල කළ කතෝලික පියතුමකු සඳහන් කළේ යම් හෙයකින් ශුද්ධවූ බෙනඩික්ට් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් කාර්ඩිනල් රංජිත් හිමිපාණන්ගෙන් යම් විමසීමක් කළහොත් ඊට කාර්ඩිනල් හිමිපාණන් විසින් කුමන අයුරකින් ප්‍රතිචාර දක්වයිද යන්න සැක සහිත බවයි.

කාර්ඩිනල්ධූරය ලබා ගැනීමේදී රංජිත් හිමිපාණන්හට රජයේ පූර්ණ වරප්‍රසාදායන් සහ අනුග්‍රහය හිමි විය.


RSL

Related Posts