අමාත්‍යවරයා ඉදිරියේ නොසන්සුන්ව හැසුරුණු සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවක නොසන්සුන් ලෙස හැසුරුණු සිව්දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් සහ සිසුන් දෙදෙනකු බව සඳහන්. ඔවුන් පොලිසිය මඟහරිමින් සිටි අය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. කෙසේ වෙතත් එම සිව්දෙනා පසුගුය මස 31 …

Continue Reading

විනය ගරුකව ති‍බ්බ පොලිසියයි හමුදාවයි දැන් පාතාලෙ කොන්ත්‍රාත් ගන්නවා – ජෙනරාල් ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (01 නොවැ.) කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආවේය. අනෝමා ෆොන්සේකා ප්‍රකාශ කළේ පසුගිය දිනෙක සරත් ‍‍ෆොන්සේකාගේ උදර ප්‍රදේශයේ කළ ස්කෑන් පරීක්ෂනයේ වාර්තාව ද විශේෂඥ වෛද්‍යවරයෙකුට‍ ඉදිරිපත් කළ බවය. රෝහලට පැමිණි අවස්ථාවේදි සරත් ‍‍ෆොන්සේකා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපි ඉන්න කාලේ විනය ගරුකව ති‍බ්බ පොලිසියයි හමුදාවයි දැන් කොන්ත්‍රාත් ගන්නවා පාතාලේ, යුද්දේ මෙහෙව්වා සැලසුම් …

Continue Reading

එක්ව වැඩ කළ යුතු යයි පැවසීම මගේ දුර්වලතාවයක් නොවේ – කොළඹ පුරපති

කොළඹ මහනගර සභාවේ සිය ධුරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ඊයේ (01 නොවැ.) පැවති උත්සවය අමතමින් කොළඹ පුරපති ඒ.ජේ.එම් ‍මුසාම්මිල් මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ කටයුතුවලදී එක්ව ක්‍රියා කිරීමට සුදානම් බව ප්‍රකාශ කිරීම තමන්ගේ දුර්වලතාවයක් ලෙස නොසලකන ලෙසයි. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය. “ජනතාව ජයග්‍රහණය කළා. ඒ නිසා මුසම්මිල් මැතිතුමා අද …

Continue Reading

ජනපති දුමින්ද බැලීමට රෝහලට යයි

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී බරපතල තුවාල ලබා, ශී‍‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (31 ඔක්.) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබේ. අනුර පි‍‍්‍රයදර්ශණ යාපා, තිස්ස කරලියද්ද, ඇතුළු අමාත්‍යවරුන් දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ ගොස් ඇත. ඊට අමතරව ජනාධිපති අතිරේක …

Continue Reading

ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය ගැන එස් රාමදෝස්ගෙන් දොස්

වසර 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පීඑම්කේ පක්‍ෂයේ නායක එස් රාමදෝස් ඉන්දීය මධ්‍යම රජයට දොස් පවරා ඇත. ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඉන්දියාව බැඳී සිටියද, මුල සිටම ලංකාව ආරක්‍ෂා කිරීමට ඉන්දීය රජය කටයුතු කළ බවට රාමදොස් චෝදනා කරයි. තමිල්නාඩුවේ වැසියන්ගේ මතය අවබෝධ කොටගෙන ලංකාව සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කරන්නැයි …

Continue Reading

බිම් බෝම්බවලින් නිදහස් ශ්‍රී ලංකාවක් සඳහා ජපානයෙන් ආධාර

බිම් බෝම්බවලින් නිදහස් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 650000 ක (රුපියල් මිලියන 71.5) ආධාරයක් ලබා දීමට ජපාන රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් වන Delvon Assistance for Social Harmony Sri Lanka (DASH) ආයතනය හරහා උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් මේ ආධාරය ලබා දෙන …

Continue Reading

බිලියන 7 දරුවා ශ්‍රී ලංකාවෙන්

ලෝක ජනගහනය බිලියන 7 ක් බවට පත් වීම සැමරීම වෙනුවෙන් වූ විශේෂ උත්සවයක් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේදී ඊයේ (31 ඔක්.) පැවැත්විණි. එහිදී කෝටි 700 වැනි දරුවා ලෙස උපන් කැලණිය ප්‍රදේශයේ පදිංචි දිනුෂිකා පෙරේරා මහත්මියගේ සිඟිති දියණිය ජනාධිපති ආර්යාව විසින් සුරතල් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනේ නන්දි …

Continue Reading

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පෙරට එන්න – සමාජවාදී ශිෂ්‍ය සංගමය

විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිට මේ දක්වා බලයට පැමිණි විවිධ ආණ්ඩු විසින් 08 වරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කර ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය නව ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා කියයි. ජයතිස්ස මහතා මේ බව පැවසුවේ, ඊයේ (31 ඔක්.) ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වනවිට අධ්‍යාපනය, සුබසාධන, ආරක්‍ෂක සහ …

Continue Reading

හිටපු අගවිනිසුරු සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයේ කලයුතු කල සමයේ අයුතු ලෙස බලය පාවිච්චි කිරීම, විෂමාචාරය අවකල් ක්‍‍්‍රියාව, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රැකීමට අපොහොසත් වීම ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත්කරන ලෙස මෛත‍‍්‍රීපාල සිරිසේන, සුසිල් පේ‍‍්‍රමජයන්ත, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ ඇතුඵ රජයේ මන්ත‍‍්‍රීවරු 75 …

Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමැතිවරයකු සහ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු මනෝ විජයරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මනෝ විජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ‘දැදිගම හිතවතා’ නමින් ප්‍රකටව සිටි ඒ මහතා පක්ෂ, පාට දෙවැනි තැනට දමමින් රටෙත්, ජනතාවගේත් යහපත හා අභිවෘද්ධිය ඇතිකරලීමට කොතරම් අභියෝගාත්මක දේශපාලන තීන්දු තීරණ ගැනීමට වුව පසුබට නොවු අයෙකි. මනෝ විජයරත්න මහතා වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම …

Continue Reading