පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි සමූපකාරයට බැරි – ජොන්ස්ටන්

ඊයේ (03 නොවැ.) කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නොදන්නා බැවින් සමූපකාරයට පෞද්ගලික අංශයෙන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි. “අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ව්‍යාපාර ගැන දන්නේ …

Continue Reading

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව 14 දා විසුරුවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලය නොවැම්බර් මස 14 වැනි දින විසුරුවා හැරීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි. මෙම වසර අවසන්වීමට පෙර ක‍්‍රිකට් පාලක මණ්ඩල නිලවරණය පැවැත්වීමට නියමිත බව ද ඔහු කියා සිටී. ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් දින 20 ක් ඇතුළත නාමයෝජනා කැඳවීම සිදුවනු ඇත.

Continue Reading

කුමක් කරන්නේදැයි පක්ෂයට පැහැදිලි බවක් තිබුනේ නැහැ – අනුර කුමාර

පක්ෂය කුමක් කරන්නේ දැයි පැහැදිලි බවක් නොතිබීම පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු වූ අඩුපාඩුවක් බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල නගර ශාලාවේදි පසුගිය දා (02 නොවැ.) පැවති “ආ යුතු මඟ සහ යා යුතු මඟ” නම් වූ ප්‍රසිද්ධ දේශනයක් පවත්වමිනි. youtube wrtmR6s0fF0

Continue Reading

මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ආයතනය දියගමට

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ යෝජනාවකට අනුව, මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ආයතනය හෝමාගම දියගම ප්‍රදේශයට රැගෙන යාමට සූදානම් වන බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් හා චීන ජාතික ගුවන් තාක්ෂණික ආනයන අපනයන සංස්ථාව (CATIC) මගින් ණය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. මේ සඳහා ලබාගැනීමට යන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 89.5 කි. නමුත් එම …

Continue Reading

පවුල් 37,814 වෙනුවෙන් විශේෂ සූර්ය බල කට්ටල

ප්‍රධාන විදුලිබල ජාලයෙන් සම්බන්ධතාවය ලබාගත නොහැකි පවුල් 37,814 වෙනුවෙන් “ග්‍රාමශක්ති” වැඩසටහන යටතේ විශේෂ සූර්ය බල කට්ටල ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. 2012 වසර අවසානයට පෙර සැමට සැමවිට විදුලිය සැපයීමේ අරමුණ ඉෂ්ටකරගැනීම උදෙසා අති දුෂ්කර ගම්මානයන් පවා විදුලි බලයෙන් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කෙරෙන අතර ඒ වෙනුවෙන් ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල …

Continue Reading

ඉඩම් පවරා ගැනීමේ පණතට එජාපයේ විරෝධය

පසුගිය විසි වසර තුළ රජ‍ය හෝ රජයේ ආයතන සින්නක්කරව හෝ වෙනත් පැවරුම් ලෙස ලබාදුන් ඉඩම් යළි සින්නක්කරව හෝ වෙනත් පවරා ගැනීමට හැකි ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජයේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ ඌණ කාර්ය සාධක ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරිමේ එම …

Continue Reading

කරන්දෙනිය වෛද්‍යවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ගේ නිවාස සහ දේපළ ගිනිබත් කරයි

කරන්දෙනිය රජයේ රෝහලේ සේවය කළ වෛද්‍ය පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ නිවාස වෙළෙඳ සල් සහ දේපළ ප්‍රදේශවාසි පිරිසක් විසින් ඊයේ (1 නොවැ.) උදෑසන ගිනිතබා විනාශ කරන ලදී. චින්තක රුවන් නමැති එක් සැකකරුවකුට අයත් වෛද්‍ය රසායනගාරය කරන්දෙණිය මහ ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා තිබූ අතර එය ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අනෙක් සැකකරුවා ලෙස අත්අඩංගුවට ගෙන ඇති කැස්ටන් චන්දන …

Continue Reading

හජ්ජි නිවාඩුව 7 සඳුදා

එළඹෙන නොවැම්බර මස 6 වැනි දින එනම් ඉරිදා දිනට යෙදී තිබෙන හජ්ජි නිවාඩුව නොවැම්බර මස 7 වැනි දින එනම් සඳුදාට ලබා දීමට රජය තීරණය කර ඇත. මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම මත මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසා ඇත.

Continue Reading

ලෝකයේ රටවල් පිනවීමට ශ්‍රී ලංකාව සූදානම් නැහැ – මහාචාර්ය ජී. එල්. පීරිස්

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (01 නොවැ.) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ලෝකයේ කිසිඳු රටක් පිනවීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවත් ශ්‍රී ලංකාව ලෝකයේ ස්වාධීන රාජ්‍යයක් බවත් කිසිඳු රටක යටත් විජිතයක් නොවන බවත්ය. ලබන 2013 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව …

Continue Reading

ලංකා ඊ නිව්ස් අවහිර කිරිම ගැන අමෙරිකාවේ අවධානය

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙරට තුළ අවහිර කිරිම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය සිය කණස්සල්ල පලකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ කිසියම් මාධ්‍ය ආයතනයකින් පලවන අදහස් තානාපති කාර්යාලය අනුමත නොකරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම උදෙසා නිදහස් මාධ්‍යක් අත්‍යාවශ්‍ය බව තම රටේ විශ්වාසය බවය. අන්තර්ජාල වෙබ් අඩවිවලට නිරුපද්‍රිත ප්‍රවේශය ඇතුළු අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස රැකගත යුතු මූලික අයිතිවාසිකමක් බව ද …

Continue Reading