ලංකා ඊ නිව්ස් අවහිර කිරිම ගැන අමෙරිකාවේ අවධානය

Spread the love

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙරට තුළ අවහිර කිරිම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය සිය කණස්සල්ල පලකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ කිසියම් මාධ්‍ය ආයතනයකින් පලවන අදහස් තානාපති කාර්යාලය අනුමත නොකරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම උදෙසා නිදහස් මාධ්‍යක් අත්‍යාවශ්‍ය බව තම රටේ විශ්වාසය බවය.

අන්තර්ජාල වෙබ් අඩවිවලට නිරුපද්‍රිත ප්‍රවේශය ඇතුළු අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස රැකගත යුතු මූලික අයිතිවාසිකමක් බව ද එම නිවේදනයේ දැක්වේ.

ලංකා ඊ නිව්ස් ඇතුළු නිත්‍යා‍නුකූල මාධ්‍ය වෙබ් අඩවිවලට ශ්‍රී ලංකාව තුළ ප්‍රවේශය අවහිර නොකළ යුතු බවට අමෙරිකානු තානාපති කාර්යාලය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

RSL

Related Posts