මම කිසිවකුගේ වහලෙකු නොවේ – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

Spread the love

මන්ත‍‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට සුදානම්වන්නේ, තමාව අපහසුවට පත් කිරීමට බවත් විශ‍‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව කළ හැකි අන්දෙයක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (30 ඔක්.) කොළඹදී පුවත්පත් සාකච්ජාවක් කැදවමින් පැවැසීය.

තම සේවය පසසමින් ජනපතිතුමාම විශේෂ ලිපියක් දී ඇති බවත් මන්ත‍‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු අගවිනිසුරු මෙහි අරමුණ වී ඇත්තේ විනිසකරුවන් වහල් සේවයකට මුල පිරීම බවත් 1926 දී සැප්තැම්බර් 26 වෙනිදා ශ‍්‍රී ලංකාවේ වහල් ක්‍‍්‍රමය අවලංගු කළ බවත් පැවසිය. එහෙයින් තමා කිසිවකුගේ වහලෙකු නොවන බවත් හෙතෙම සදහන් කළේය.

තමා රාජකාරී කළ කාලයේදී කිසිම චෝදනාවක් ඉදිරිපත් නොවු බවද සරත් සිල්වා මහතා පැවසිය.

තමන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී සහය ලබා දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අරමුණින් බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

විශ‍්‍රාමික විනිසුරුවරයෙකුට එරෙහිව පරික්‍ෂණ පැවැත්වීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවද ඔහු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙහිදී පෙන්වා දුන්නේය.

RSL

Related Posts