හිටපු මහ බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි

ඓතිහාසික මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත. ඒ බව අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය. සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම …

Continue Reading

දයාසිරි පරණ කතාව අලුත් කරයි

ඊයේ පැවති ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ අපේක්ෂක සමාරම්භක උළෙල සඳහා සහභාගී වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවත් විකල්ප පක්ෂවලට උදව් කරන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම තීන්දුව ගන්නා බවත් …

Continue Reading

බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවන බව තහවුරු වෙයි

ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ. මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්. එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රාජ්‍ය ආයතනවලින් කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 8528 ඉක්මවන බවත් සඳහන්.

Continue Reading

මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවටයි – ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ කියයි

හැමෝටම මගේ ෆොටෝ එක ඕන වුණත්, මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවට පමණයි” යෑයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (2 දා) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණින් තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් සහභාගි වූ සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය. මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදැක්‌වුණු …

Continue Reading

ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය …

Continue Reading

රාජපක්ෂලා ගැන බරපතළ වාර්තා 17ක් අද ජනපති අතට

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බො‍හොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000 ක පමණ විශේෂ අවසන් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (02) බාරදීමට නියමිතයි. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් …

Continue Reading

පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥා දීම අද; කාන්තාවන්ට කුරහන් පාටින් ඇඳගෙන එන්න කියයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත. මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති …

Continue Reading

පල්ලම පොලිසියෙන් සුවිශේෂී දඩ වාර්තාවක් තබයි!

2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද වැටලීම් 442 ක සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී දඩ මුදල් ලෙස රුපියල් 60,22,500.00 ක මුදලක් රජයට අය කර දෙමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත. මෙහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 271 දෙනෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති …

Continue Reading

සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …

Continue Reading

හිටපු ජනාධිපතිවරුන්ගේ සුපිරි රථ සියල්ල මුහුදේ ගිල්වයි

ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ. හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ …

Continue Reading