ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාව ජනපති අතට; ජනපතිගෙන් නීතිපති අතට!
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ප්‍රශ්නගත භාණ්ඩාගාර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු …
Continue Reading
මගෙන් පසු පක්‍ෂය මගේ පවුලට නොව ඔබටයි – ජනපතිගෙන් ඓතිහාසික කථාවක්
දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් ගැන අද හැම දෙනාම කතා කළත් මේ රට ගොඩනගන්න තිබෙන ප්‍රධානම බාධකය රටේ පිරිසිදු දේශපාලනයක් නොමැතිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. එජනිසය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (29) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තව දුරටත් …
Continue Reading
හතුරුසිංහගේ පුහුණුව අංශ හතරකින්
නව ක්‍රිකට් සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස් හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක් පුහුණුවීම්වල නිරත විය. ක්‍රීඩකයන් සමග ඉතා …
Continue Reading
ඇමරිකාව දුන් GSP+සහන යුගය 31න් අවසන්; දැන් අපට GSP වැඩක් නැති බව හර්ෂ කියයි (Video)
එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP 2017 දෙසැම්බර් 31 අවසන් වන බව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට …
Continue Reading
මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සයිටම් ආයතනය පත්වාගෙන යන …
Continue Reading
ලැම්බෝගිනියෙන් පසු ගෙන ආ මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)
මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. එහෙත් එම ලැම්බෝගිනියේ උණුසුම පහව යන්නට මත්තෙන් පසුගිය දින කිහිපයේදී …
Continue Reading
මගේ කඩුවෙන් කැපී යන්නට පක්ෂ-පාට- ඥාති සබඳතා අදාළ නෑ – ජනපති කියයි (Video)
-
RSL
-
December 29, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේ දී පක්ෂ, පාට, හෝ කිසිදු ඥාති සබඳතාවක් නොසළකන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහසේ සම්මුතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවිය. වංචාවෙන් සහ දූෂණයෙන් …
Continue Reading
ජනපති ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සොයා බලයි
-
RSL
-
December 28, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය …
Continue Reading
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි; ප්‍රථමයන් මෙන්න
2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. …
Continue Reading
ඇමති සුසිල් කොළ එළි දල්වයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක් මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් …
Continue Reading