ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.

Continue Reading

පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. තමන් පක්‍ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය. එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි. දේශපාලඥයන් පක්‍ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු …

Continue Reading

කොළඹට ඇඳිරිනීතිය රනිල් පනවයි

කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.    

Continue Reading

රනිල් පිළිගත් අගමැති කෙනෙක් නම් කරන්න කියයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට  ඊයේ දැනුම් දී ඇත. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දී ඇත. එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී …

Continue Reading

අරගලකරුවෝ හමුදා තුවක්කුවක් පැහැරගනියි

ඊයේ රාත්‍රීයේ පොල්දූව මංසන්ධිය අසල පැවති උණුසුම් තත්වය මත අරගලකරුවන් විසින් හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ හැටක් පැහැරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබේ. එහිදී ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අර යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇත.

Continue Reading

නව චෙට්ටි වීදියේදී වෙඩි තැබීමක්

කොළඹ නව චෙට්ටි වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ. වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයට අයත් නව චෙට්ටි වීදියේ හින්නිඅප්පුහාමි හන්දිය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 29 හැවිරිදි තරුණයෙකු කොළඹ ජාතික …

Continue Reading

බැසිල්ගේ රටින් පනින තැත වරදී

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි. තවදුරටත් සදහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා …

Continue Reading

ඉන්දන අර්බුදය පාදක කරගනිමින් දත්ත මගඩියක්!

ඉන්දන අර්බුදය හේතු කොට ගනිමින් ව්‍යජ යෙදුම් මගින් තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. ඉන්දන ලබා ගැනීම සදහා ලියාපදිංචි වන ලෙස පවසමින් තම දුරකතනයට කෙටි පණීවිඩයක් එවමින් ඒ ඔස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවද, ජනතාවගෙ ජංගම දුරකතන අංක,වාහන ලියාපදිනංචි අංක තවද හැදුනුම්පත් අංක  වනි දත්ත සොරා ගැනීමක් …

Continue Reading

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මේ සම්බන්දව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වේ.

Continue Reading

ඉන්දියානු යූරියා බෙදා හැරීම අද සිට

ඉන්දීය රජය විසින් සපයනු ලබන යූරියා පොහොර තොගය බෙදා හැරීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාරතා කරයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර දින 10ක් ඇතුළත බෙදාහැරීම අවසන් කරන බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ. එම පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ (11) …

Continue Reading