තායිලන්තය ආසියන් කන්ඩායමේ ඉන්දියාවේ වැදගත් මිතුරෙක්: ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රාජ්කුමාර් රන්ජන් සිං

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රාජ්කුමාර් රන්ජන් සිං පැවසුවේ ආසියාන් සංවිධානය සමඟ ඉන්දියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා තායිලන්තය වැදගත් හවුල්කරුවෙකු බවයි.ඔහු ඊසානදිග ඉන්දීය උත්සවය-2022 සඳහා බැංකොක් නුවරට පැමිණ සිටි. ඉන්දියාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන මෑත කාලීනව වර්ධනය වෙමින් පවතී. 2021-22 කාලය තුළ තායිලන්තයේ මුළු වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් සමඟ ආසියන්හි ඉන්දියාවේ සිව්වන විශාලතම වෙළඳ …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් සමඟ දුරකථන සංවාදයක් පවත්වයි.

කොංගෝවේදී එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය සාම සාධක භටයන් දෙදෙනෙකු මිය යාම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමඟ සාකච්ඡා කළේය. ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථායීකරණ මෙහෙයුමට එල්ල ප්‍රහාරය පිළිබඳව නායකයන් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ගෝලීය බලශක්ති හා ආහාර අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිකුරාදා ටෂ්කන්ට්හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇමතුවේය. එහිදී කොවිඩ්-19 වසංගතය සහ යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ බාධා කිරීම් නිසා ගෝලීය බලශක්ති හා ආහාර අර්බුදය විසඳීමට හදිසි අවශ්‍යතාවක්ව පවතින බව ඔහු පැවසීය. ත‍්‍රස්තවාදයේ සියලූ ප‍්‍රකාශනයන් තුළ ශුන්‍ය ඉවසීම අත්‍යවශ්‍ය බව ද ඔහු යළි අවධාරණය කළේය. හමුවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් …

Continue Reading

භූතානයට සිය තිරිඟු සහ සීනි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාව විශේෂ වෙළඳ සහන ලබා දෙයි.

භූතානයට සිය අවශ්‍යතා සපුරාලීම සඳහා තිරිඟු සහ සීනි ලබා ගැනීමට ඉඩ සලසන අතිරේක වෙළඳ සහන ලබා දීමට ඉන්දියාව තීරණය කොට ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. භූතානයේ ඉන්දීය තානාපති කාර්යාලය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භූතානයේ අවශ්‍යතා අනුව තිරිඟු මෙට්‍රික් ටොන් 5000 ක් සහ සීනි මෙට්‍රික් ටොන් 10,000 ක්, සීමාසහිත භූතානයේ ආහාර සංස්ථාවට සහ භූතානයේ අනෙකුත් ප්‍රමුඛ කර්මාන්ත …

Continue Reading

එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවල සහයෝගීතාව පුළුල් කිරීමට ඉන්දියාව සහ රුසියාව එකඟ වේ.

ඉන්දියාව සහ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් බහුපාර්ශ්වික සංවිධාන වලදී ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව පුළුල් කිරීමට එකඟතාව පළකොට ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොස්කව්හි පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල න්‍යාය පත්‍රයේ ගැටළු සහ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවයම පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූ බවයි. ඉන්දීය විදේශ කටයුතු …

Continue Reading

2030 වන විට ඉන්දියාවේ ජෛව ආර්ථිකය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 300ක ඉලක්කයකට ළඟාවනු ඇත:ඉන්දීය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං

2030 වන විට ඉන්දියාවේ ජෛව ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ඉලක්කයක් ඇති බව ඉන්දීය විද්‍යා හා තාක්ෂණ පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය සභාවේදී ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් ලබා දෙමින්ය.වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය ජිතේන්ද්‍ර සීං කරුණු ගෙන හැර දැක්වූයේ ඉන්දියාව 2019 දී ඩොලර් බිලියන 44 සිට 2021 දී ඩොලර් බිලියන 80.1 දක්වා ජෛව ආර්ථිකයේ …

Continue Reading

මාලදිවයින් ජනාධිපති සෝලිහ් ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර අතර, ඉන්දීය අගමැති මෝදි සමඟ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරනු ඇත.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි අගෝස්තු 1 සිට ඉන්දියාවට පැමිණේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර පුළුල් හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නායකයන් දෙපළ අපේක්ෂා කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මාලදිවයින් ජනරජයේ ජනාධිපති, එච්.ඊ., ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ මාලදිවයින් රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් සමඟින් ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවයි. මෙම සංචාරය …

Continue Reading

2 වන ඊසානදිග ඉන්දීය උත්සවය බැංකොක්හි පැවැත්වීමට නියමිතය.

උතුරු-නැගෙනහිර ඉන්දීය උළෙලේ දෙවන අදියර සෙනසුරාදා තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වේ.වෙළඳාම, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුවමාරු කිරීම් සහ අන්තර් පුද්ගල සබඳතා පිළිබඳව උත්සවයේ අවධානය යොමු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත සහ ඉන්දියාවේ ට්‍රෙන්ඩ් එම්.එම්.එස් භාරය සමඟ එක්ව ඉන්දීය තානාපති කාර්යාලය විසිනි. මෙම උත්සවය ආරම්භ කිරීමේ අවස්ථාවට …

Continue Reading

ඉන්දියාව වේගයෙන් ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා ඉහළම තේරීම බවට පත්වේ.

නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඉන්දියාව ප්‍රියජනක වාණිජ ගමනාන්තයක් බවට වේගයෙන් පත්වෙමින් තිබෙන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත වලට අනුව ගම්‍ය වේ. මූල්‍ය වර්ෂ 2020-21දී ඇමරිකානු ඩොලර් බිලියන 21.34 හා සසඳන විට, මූල්‍ය වර්ෂ 2021-22දී ඇමරිකානු ඩොලර් බිලියන 12.0ක් නිෂ්පාදන අංශයට විදේශ සෘජු ආයෝජන කොටස් ගලා ඒම 76% කින් ඉහළ ගියේය. මූල්‍ය වර්ෂය 2020-21 …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන ප්‍රධානී පවර් ඉන්දියාවේ සංචාරයක.

ඉන්දීයාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන පරිපාලක සමන්තා පවර් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අඟහරුවාදා නවදිල්ලියේදී හමුවිය. එම හමුවේදි ලෝකයේ විවිධ ප්‍රදේශවල ආහාර සහ ආරක්ෂක අභියෝගවලට මෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය. එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද පවර් සහ ජයශංකර් සාකච්ඡා කළහ. මෙම හමුව පිළිබඳ ට්වීටර් …

Continue Reading