ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ගෝලීය බලශක්ති හා ආහාර අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි

Spread the love

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිකුරාදා ටෂ්කන්ට්හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇමතුවේය. එහිදී කොවිඩ්-19 වසංගතය සහ යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ බාධා කිරීම් නිසා ගෝලීය බලශක්ති හා ආහාර අර්බුදය විසඳීමට හදිසි අවශ්‍යතාවක්ව පවතින බව ඔහු පැවසීය.

ත‍්‍රස්තවාදයේ සියලූ ප‍්‍රකාශනයන් තුළ ශුන්‍ය ඉවසීම අත්‍යවශ්‍ය බව ද ඔහු යළි අවධාරණය කළේය.

හමුවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය.

ප්‍රතිචාර අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන සහ විවිධාංගීකරණය වූ සැපයුම් දාම මෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්විකත්වය යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

තවත් ට්විටර් පණිවුඩයක් මගින් ඔහු කියා සිටියේ, “ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය නැවත අවධාරණය කළේය. එමෙන්ම ඉන්දියාව මානුෂීය ආධාර ලෙස තිරිඟු, ඖෂධ, එන්නත් සහ ඇඳුම් පැළඳුම් ලබාදුන් බව ද එහි සටහන් විය.

ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහි ආර්ථික අනාගතය සඳහා චබහාර් වරායේ විභවය ඔහු අවධාරණය කළේය.

ඉන්දියාවට අමතරව චීනය, කසකස්තානය, කිර්ගිස්තානය, පකිස්ථානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරු ද මෙම හමුවට සහභාගී වූහ. 2022 සැප්තැම්බර් 15-16 දිනවල සමර්කන්ඩ්හි පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සඳහා සූදානම් වීම පිළිබඳව මෙම රැස්වීම සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

උස්බෙකිස්තානයේ වැඩබලන විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්ගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ රැස්වීමට සහභාගී වීමට ටෂ්කන්ට් වෙත පැමිණ සිටියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ රැස්වීමට සමගාමීව කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල සගයන් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි මහලේකම් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් ද පැවැත්වීය.

උස්බෙකිස්තානයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව් හමුවීම පිළිබඳව ඔහු ට්වීටර් සටහනක්ද තැබීය. දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ කලාපීය සහයෝගීතාවයෙන් ආමන්ත්‍රණය කළ යුතු සම්බන්ධතා හා අභියෝග පිළිබඳ එහි සටහන් කොට තිබිණ.එමෙන්ම මධ්‍යම ආසියාතික රටවල සේවයේ නියුතු ඉන්දීය තානාපතිවරුන් සමඟ පැවති හමුවක ද ඔහු මුලසුන දැරීය.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් කිර්ගිස්තානයේ විදේශ අමාත්‍ය ජීන්බෙක් කුලුබෙව්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි මහලේකම් සෑන්ග් මින්ග් සහ ටජිකිස්තාන විදේශ අමාත්‍ය සිරෝජිඩින් මුරිදීන් හමුවිය.

රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සංවාදයද ප්‍රයෝජනවත් විය,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සෙනසුරාදා ට්වීට්ර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts