ඉන්දීයාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන පරිපාලක සමන්තා පවර් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අඟහරුවාදා නවදිල්ලියේදී හමුවිය. එම හමුවේදි ලෝකයේ විවිධ ප්‍රදේශවල ආහාර සහ ආරක්ෂක අභියෝගවලට මෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.

එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද පවර් සහ ජයශංකර් සාකච්ඡා කළහ.

මෙම හමුව පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ආහාර, බලශක්ති සහ ණය අභියෝග සන්දර්භය තුළ ගෝලීය සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව සහ ඉන්දියාව-එක්සත් ජනපද හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමන්තා පවර් කියා සිටියේ ඔවුන් ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය සහ දේශගුණික බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බවයි.එමෙන්ම වර්ධනය වන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවය තුළින්, එක්සත් ජනපදය සහ ඉන්දියාව සැබෑ වෙනසක් ඇති කරනු ඇත යැයි එහි සටහන්ව තිබිණ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය යනු ලොව ඉහළම ආධාර සංවිධානවලින් එකකි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවීමට අමතරව, පවර් ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා සහ ඉන්දීය අගමැති ප්‍රධාන ලේකම් පීකේ මිශ්‍රා ද හමු විය.

සඳුදා පවර් විසින් එන්.අයි.ටී.අයි ආයෝග් ප්‍රධාන විධායක නිලධාරී පරම් අයියර් හමුව ඇත.ඉන්දියාවේ ඩිජිටල් නවෝත්පාදනයේ සිට ජල අපද්‍රව්‍ය අවම කිරීම දක්වා සහ ලේඛන කටයුතු තොර පරිපාලන අත්දැකීම්, මෙන්ම , ලොව පුරා සංවර්ධන මාර්ග සිතියම් දැනුම් දිය හැකි වූ බව ඇය ට්විටර් පණිවුඩයක් මගින් පැවසුවාය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රකාශයකට අනුව පවර් නවදිල්ලියට පැමිණියේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටය.

එමෙන්ම ආහාර හිඟය, පාරිසරික ව්‍යසනය සහ කොවිඩ්-19 වසංගතය ඇතුළු ගැටළු විසඳීමේදී තීරණාත්මක ගෝලීය සංවර්ධන නායකයා ලෙස ඉන්දියාවේ ස්ථාවරය අවධාරණය කිරීමට බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්