2021-22 වර්ෂයේදී ඉන්දියාව ආහාර ධාන්‍ය ටොන් මිලියන 315.72ක වාර්තාගත නිෂ්පාදනයක් සිදු කරයි.

ඉන්දියාව මෙම මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ආහාර ධාන්‍ය ටොන් මිලියන 315.72ක් නිෂ්පාදනය කර ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇත. එය පෙර වසර දෙකේදී එනම් 2020-21 ආහාර ධාන්‍ය නිෂ්පාදනයට වඩා ටොන් මිලියන 4.98කින් නිෂ්පාදනය ඉහළ යාමකි. ඉන්දීය කෘෂිකර්ම හා ගොවි සුබසාධන අමාත්‍යාංශය විසින් 2021-22 සඳහා ප්‍රධාන කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය පිළිබඳ සිව්වන ඇස්තමේන්තු වල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරන ලදී. එම දත්ත වලට අනුව, …

Continue Reading

ඉන්දියා-එක්සත් රාජධානියේ නිදහස් වෙළඳ ගිවිසුම: ඔක්තෝබර් අවසානය වන විට අවසන් කිරීමට කණ්ඩායම් කටයුතු කරයි.

නව යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වන ප්‍රධාන කරුණු පිළිබඳ සාකච්ඡා ඉන්දියාව සහ එක්සත් රාජධානිය විසින් ඔක්තෝබර් මාසයේ දීපවාලි කාලසීමාව ඇතුළත අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටී. ඉන්දියා-එක්සත් රාජධානියේ නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා වූ පස්වැනි සාකච්ඡා වටය ජූලි 29 වැනිදා දෙපාර්ශ්වය විසින් අවසන් කෙරිණී. ඉන්දියාව සහ එක්සත් රාජධානියේ නිලධාරීන් 2022 ඔක්තෝම්බර් මස අවසන් වන විට විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා …

Continue Reading

නිදහසේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් වර්ග අඩි 7500 ත්‍රිවර්ණ ධජ ශ්‍රීනගර්හි දාල් විලෙහි ප්‍රදර්ශනය කෙරේ.

හිමාල කඳු නැගීමේ ආයතනය (HMI), ඩාර්ජිලිං, ශ්‍රීනගර්හි හෝටල් කළමනාකරණ ආයතනය සහ ඉන්දීය රජයේ (උතුර) සංචාරක අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ උත්සාහයක් ලෙස,වර්ග අඩි 7500 ක ඉන්දියානු ත්‍රිවර්ණ ධජයක් ඩාල් විල වෙරළේ ප්‍රදර්ශනය කරන ලදී. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලබා 75 වන සංවත්සරය සැමරීම සඳහා මෙය සිදු කරන ලදී. ධජය “ඉන්දියානු රජයේ හර් ඝර් ටිරංග ව්‍යාපාරයේ” කොටසකි. ජම්මු කාශ්මීර ආණ්ඩුකාර ලුතිනන් …

Continue Reading

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ට ත්‍රස්ත-විරෝධී කමිටුවේ විශේෂ සැසිවාරයකට ඉන්දියාව ආරාධනා කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ට ත්‍රස්ත-විරෝධී කමිටුවේ විශේෂ සැසිවාරයකට සහභාගී වන ලෙස ඉන්දියාව ආරාධනා කර ඇත. නව තර්ජන ඉස්මතු කිරීම සහ ඒවා සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට පියවර ගවේෂණය කිරීම මෙම කමිටුවේ අරමුණයි. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ 28-29 දිනවල මුම්බායි සහ නවදිල්ලියේදී මෙම විශේෂ සැසිවාරය පැවැත්වේ.ත්‍රස්ත-විරෝධී කමිටුවේ වත්මන් සභාපති වන ඉන්දියාව විසින් මෙම සැසිවාරයේ සත්කාරකත්වය දරනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ යන රටවල් ත්‍රිත්වයේ සංචාරයක් ආරම්භයි.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී විසින් අගෝස්තු 16-18 දක්වා නෝර්වේ රාජ්‍යයේත්,අගෝස්තු 19-20 දක්වා අයිස්ලන්තයෙත්, අගෝස්තු 21-23 දක්වා මෝල්ටාව ආවරණය වන පරිදි රටවල් ත්‍රිත්වය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරය කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා දින සංචාරය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය නෝර්වේ …

Continue Reading

සංවර්ධිත රටවල් ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට උනන්දු වන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසයි.

ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස ලෝකය ඉන්දියාව දෙස බලන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසා තිබේ. එමෙන්ම ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට ද සංවර්ධිත රටවල් උනන්දුවක් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය නවදිල්ලියේ පැවති ව්‍යාපරි උද්‍යාමි සමුළුවේදී ව්‍යාපාරික ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් ගෝයල් අවධාරණය කර ඇත්තේ ඉන්දියාව අද ලෝකයේ විශ්වාසය භුක්ති විඳිමින් සිටින බවයි. 2014 ට පෙර ඉන්දියානු ආර්ථිකය …

Continue Reading

ඉන්දීය ඊසානදිග ප්‍රාන්තවලට ප්‍රතිනැව්ගත කිරීම සඳහා බංග්ලාදේශයේ මොන්ග්ලා වරායට ඉන්දියාවෙන් පළමු භාණ්ඩ තොගය ලැබේ.

බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් සහ මොන්ග්ලා වරාය හරහා ඉන්දියාවට සහ ඉන් පිටතට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අත්හදා බැලීම් ආරම්භ කර ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දියාව බලා යන භාණ්ඩ ප්‍රවාහනය පසුව මොන්ග්ලා වරාය අධිකාරියේ සභාපති සහ කුල්නාහි ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස් විසින් ආරම්භ කරන ලදී.ඉන්දීය සංක්‍රමණ බහාලුම් දෙකක් රැගත් නෞකාවක් සඳුදා මොන්ග්ලා වරායට ළඟා විය. යකඩ …

Continue Reading

එක්ස් වජ්‍ර ප්‍රහර් 2022: ඉන්දියාව සහ එක්සත් ජනපද විශේෂ බලකාය හිමාචල් ප්‍රදේශ්හි ඒකාබද්ධ අභ්‍යාසය අරඹයි

“එක්ස් වජ්‍ර ප්‍රහර් 2022” වාර්ෂික ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ විශේෂ බලකා අභ්‍යාසයේ 13 වන අදියර සඳුදා හිමාචල් ප්‍රදේශ්හිදී ආරම්භ විය. බක්ලෝහ්හි ඉන්දීය විශේෂ බලකා පුහුණු පාසල විසින් පවත්වනු ලබන මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ විශේෂ බලකා නිලධාරීන් සහභාගි වේ. ඉන්දීය විශේෂ බලකා පුහුණු පාසල යටතේ විශේෂ බලකායේ ඉන්දීය හමුදා කණ්ඩායම සහභාගී වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එමෙන්ම …

Continue Reading

5G තාක්ෂණයේ සාර්ථකත්වය ඉන්දීය ටෙලිකොම් කර්මාන්තයේ විශ්වාසය තහවුරු කරන බව ඉන්දීය සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය චෞහාන් පවසයි.

ඉන්දීය සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය දේවුසින් චෞහාන් පැවසූයේ 5G තාක්ෂණයේ සාර්ථකත්වය ඉන්දීය ටෙලිකොම් කර්මාන්තයේ විශ්වාසය පිළිබිඹු කරන බවයි. ඉන්දියාවේ ටෙලිකොම් ක්ෂේත්‍රය සාර්ථකත්වය පිළිබඳ ද ඔහු පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේදී ඉන්දියාවේ විදුලි සංදේශ ප්‍රතිපත්තිය කුළුණු තුනක් මත පදනම් වූ බව චෞහාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය: කර්මාන්තය සඳහා ව්‍යාපාර කිරීමේ පහසුව, ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අය ඇතුළු සියලුම පුරවැසියන් සඳහා …

Continue Reading

ඉන්දියාවේ 14 වැනි උප ජනාධිපතිවරයා ලෙස ජග්දීප් ධන්කර් තේරී පත් වෙයි.

පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂක ජග්දීප් ධන්කාර් ඉන්දියාවේ 14 වැනි උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී තිබේ. විපක්ෂ අපේක්ෂක මාග්‍රට් අල්වාගේ ඡන්ද 182ක් හිමි විය. ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ තේරීම් භාර නිලධාරියාගෙන් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයක් ලැබීමෙන් පසු ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් සහ මැතිවරණ කොමසාරිස් අනුප් චන්ද්‍ර පාණ්ඩේ එක්ව ඉරිදා නිල ‘මැතිවරණ සහතිකයට’ අත්සන් තැබුවේය. ඉන්දීය උප ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ …

Continue Reading