ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස ලෝකය ඉන්දියාව දෙස බලන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසා තිබේ. එමෙන්ම ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට ද සංවර්ධිත රටවල් උනන්දුවක් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය

නවදිල්ලියේ පැවති ව්‍යාපරි උද්‍යාමි සමුළුවේදී ව්‍යාපාරික ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් ගෝයල් අවධාරණය කර ඇත්තේ ඉන්දියාව අද ලෝකයේ විශ්වාසය භුක්ති විඳිමින් සිටින බවයි.

2014 ට පෙර ඉන්දියානු ආර්ථිකය බිඳෙන සුලු එකක් ලෙස සලකනු ලැබූ බවත් ඉන්දියාව සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳව ආයෝජකයින්ට සැක පහළ වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා, විනිවිදභාවය සහ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළේය. නිලධාරීවාදයට විරුද්ධව හඬ නඟන ව්‍යාපාරිකයින්ට සහ ව්‍යවසායකයින්ට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව ඔහු පැවසීය.

ගෝයල් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවල නෛතික රේගුලාසි පවත්වා ගැනීම සඳහා රජය සමඟ වැඩ කරන ලෙසයි.එමෙන්ම වෙළඳ පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා අනවශ්‍ය, සහ ඵලදායි නෙවෙන නීති සහ රෙගුලාසි මුලිනුපුටා දැමිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඔහු ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය. නව්‍යතා සම්පාදනය මගින් ඉන්දියාවේ ආර්ථික වර්ධනයට දායක වන ලෙස ඔහු තරුණයන් ගෙන් ඉල්ලා සිටි අතර තරුණයින් හට නව ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ව්‍යාවසායකයන් ගෙන් ඉල්ලා සිටියේ ඉන්දියානු නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ස්වයංපෝෂිත ඉන්දියාවක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට සිය දායකත්වය සපයන ලෙසයි

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්