අපේ වාහන වසර 12ට වඩා පරණයි..! අලුත් වාහන අවශ්‍යයි..!- මන්ත‍්‍රීන් රැසක් කියති..!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි. ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාරදි තිබේ. එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කාර්යාලය පවසයි. මෙ අතර වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන …
Continue Reading
SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …
Continue Reading
රනිල් එකඟ දේවලට අපිත් එකගයි..! බැදුම්කර හිමියන්ට මාලිමාව කියලා..!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟවන සියල්ලට තමන්ට එකඟවන බව ජාතික ජන බලවේගය මෑතකදී ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට පවසා ඇති බවට තොරතුරු ලැබි තොරතුරු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතත් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. ‘ජ.වි. පෙ. කියන්නේ එක මතයක්. මාලිමාව කියන්නේ තව මතයක්. රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ මොකටද ඒ සියල්ලට ඔවුන් …
Continue Reading
රුපියල ශක්තිමත් වීමෙන් ණය බර පහලට..!
රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු …
Continue Reading
වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට..! කමිටු නිර්දේශ ලැබෙයි..!
දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් …
Continue Reading
ජගත් මනුවර්ණ වෙඩි තැබීමකින් රෝහලේ..!
-
Editor
-
April 29, 2024
-
උණුසුම් පුවත්
-
0 Comments
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර තිබේ. හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත. ප‍්‍රතිකාර සඳහා ජගත් මනුවරණ කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙයි. මෙම අනතුර සිදුවී ඇත්තේ වෙඩි …
Continue Reading
සුදු මැස්සාගේ හානිය යළි ඉහළට..
පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු වැඩි වශයෙන් සුදු මැස්සාගෙන් වන හානිය දැකිය හැකි බව පැවසුවාය. රෝගය පාලනය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද එම විලූපිකයා පරිසරයට මුදා …
Continue Reading
මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට යන කතාව අමු බොරුවක්…! මාධ්‍ය නිවේදනය මෙන්න
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු කියා සිටී. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. *** 2024 අප්‍රේල් මස 27 වන දින සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය …
Continue Reading
මං නියත ජනාධිපති.. හොරුත් අල්ලනවා.. හොරා කෑ ධනයත් ගේනවා.. සජිත් කියයි
රට හොරා කාපු පවුල් පාලන හැතිකරය අනිවාර්යෙන්ම තම ආණ්ඩුවක් යටතේ නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එපමණක් නොව ඔවුන් නිසා රටට අහිමි වූ ධනය ආපසු අය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය. එනිසා මෙම වසරේ තමන්ට නියත වශයෙන්ම ලැබෙන ජනවරම ඔස්සේ හොරුත් අල්ලා හොරුන් හොරා කෑ ධනයත් නැවත රටට ලබා …
Continue Reading
කිසිම සැලසුමක් නෑ.. මට හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි..- ජනපති
වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි …
Continue Reading