අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී
- RSL
- February 21, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Arjuna Ranathunga, Cricket, Cricket Board, Ranathunga Brothers, Sri Lanka Cricket Board, Thilanga Sumathipala
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ.
ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය.
ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට ලැබී තිබුනේ ඡන්ද 56කි.
හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහයෝගය දැක්වූයේද ජයග‍්‍රාහී ශම්මිද සිල්වාටයි.
තිලංග සුමතිපාල ජනාධිපතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යවරයාට සමීපව ඔහුගේ බලය යොදාගනිමින් විවිධ බලපෑම් සිදුකරමින් ක්‍රිකට් නිලවරණය ජයගන්නා බවට අර්ජුන රණතුංග විවිධ අවලාද සහ ප්‍රචාර ගෙන ගියේය. මෙවරද ඒ සියල්ලම පුස්සක් කරමින් එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයෙකු වූ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවා තම වාසියට යොදාගත්තද අර්ජුන ප්‍රමුඛ රණතුංග සහෝදරයින්ගේ එම උත්සහයද අසාර්ථක විය.

