කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ජනපති කොමිසමට බයේ නීතිඥයෝ සොයති

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කෙරුණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන පරීක්‍ෂණයේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කණ්‌ඩායමකට ඊයේ (15 වැනිදා) කොමිසමෙන් අවසරය ලැබිණි.

කොමිසමේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී සති 03 කට පමණ පසුව ඊයේ කොමිසම හමුවට පැමිණ එම ඉල්ලීම කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ නම් ලැයිස්‌තුවක්‌ද අනුමැතිය සඳහා ඔහු උසාවියට ඉදිරිපත් කළේය.

තමා මෙම ඉල්ලීම කරන්නේ ජනාධිපති කොමිෂන්a සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මුලින්ම සඳහන් කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් දින 03 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කරන බවත් එම ප්‍රශ්න කිරීමට තව කොපමණ කල්ගත වනවාදැයි කිව නොහැකි බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කීය.

මෙතැන් සිට අදාළ පරීක්‍ෂණය පැවැත්වෙන කොමිසම හමුවේ ඔහු නියෝජනය කරමින් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරු කණ්‌ඩායමේ සහාය ලබා ගැනීමට ඇති කැමැත්ත කොමිසමට දැනුම් දෙන ලෙස තමාට ඔහුගෙන් උපදෙස්‌ ලැබුණු බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු – රහස්‌ පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කර ගෙන යනවා. නමුත් පොලිසියෙන් ඔහුට කිසිම හිරිහැරයක්‌ නැහැ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය ඉල්ලීමට අවසර ලැබීමෙන් පසුව ස්‌වල්ප වේලාවක්‌ රැඳී සිට පසුව වෙනත් අවශ්‍යතාවක්‌ සඳහා පිටව ගිය අතර ඔහු සමඟ පෙනී සිටින සෙසු නීතිඥවරු ඊයේ කොමිසමේ කටයුතු අවසන් වන තෙක්‌ම රැඳී සිටියහ.

මහ බැංකුවේ හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතාගේ සාක්‍ෂිය ඊයේ අවසන් විය. ඔහු දින 03 ක්‌ සාක්‍ෂි දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ ලේකම් කේ. ඒ. කරුණාරත්න මහතා අද (16 දා) දින කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ. ටී. චිත්‍රසිරි, ප්‍රසන්න එන්. ජයවර්ධන විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ යන මහත්වරුන්ගෙන් කොමිසම සමන්විත වේ.

RSL

Related Posts