අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 13,000ක බැඳුම්කර වංචාව වීඩියෝ පටයකින් එළියට! (විශේෂ)
- RSL
- June 24, 2016
- විශේෂාංග
- Arjuna Mahendran, CB governor
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 13,000ක් වංචා කළ ආකාරය දැක්වෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් සහ 2016 මාර්තු මස 29 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී ද රජයට හා එකී ජනතාවට රුපියල් කෝටි 7000 ක් හෙවත් රුපියල් බිලියන 07 ක අක්‍රමිකතාවයක් සිදු කිරීමට සෘජුව හා / හෝ වක්‍රව සම්බන්ධවී මූල්‍යමය හා ප්‍රතිපත්තිමය අක්‍රමිකතා සිදු කොට රුපියල් කෝටි 13,000 ක් හෙවත් රුපියල් බිලියන 13 ක් වංචා කර ඇත.
එම වංචාව ඔහු සිදුකළ අයුරු මෙම වීඩියෝ පටයෙන් ඉතා සරලව සහ සවිස්තරාත්මකව දැක්වේ.