සැලසුම් සහගතව රොහින්ග්‍යා සරණාගතයින්ට පහරදුන් අක්‌මීමන දයාරතන හිමි රිමාන්ඩ්

Spread the love

ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට මරණීය තර්ජන කර එම නිවසට පහරදී ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්ඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරතන හිමියන් සහ තවත් පුද්ගලයකු ලබන 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් මොහොමඩ් µයිසාල් මහතා ඊයේ (02) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අක්‌මීමන දයාරතන හිමියන් සහ තවත් අයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය හමුවේ ඊයේ පෙරවරුවේ පෙනී සිට ඇත.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් පැය හතරකට ආසන්න කාලයක්‌ උන්වහන්සේගෙන් සහ අනෙක්‌ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අක්‌මීමන දයාරතන හිමියන් සහ අනෙක්‌ පුද්ගලයා ගල්කිස්‌ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනලදී.

මියන්මාර් සරණාගතයන්ට තර්ජනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක්‌ මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටිති.

එක්‌සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ අවසරය මත ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට සිංහල රාවයේ සාමාජිකයන් පිරිසක්‌ විසින් මරණීය තර්ජන එල්ල කර එම නිවසටම ප්‍රහාර එල්ල කර තිබිණි.

සංහිඳියාව බිඳී යන අයුරින් කටයුතු කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොලිස්‌ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා ගණනාවකට සම්බන්ධ කලහකාරීන් පිරිස විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සහ කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

RSL

Related Posts