රටේ කෘෂිකර්මාන්තයට දැඩි උවඳුරක් වී ඇති “සේනා දළඹු” වසන්ගතයට මේ වන විට දේශීය කෘෂි විශේෂඥයින් සහ ගොවීන් දේශීය ඖෂධ, කෘමිවිකර්ෂක භාවිතයෙන් සාර්ථක ක්‍රම සොයා ගනිමින් සිටින අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඒවාට අවශ්‍ය පර්යේෂණ සහ මුල්‍යමය ලබාදෙනු වෙනුවට විදෙස් සහය ලබාගැනීමට සැලසුම් කරන්නේ දේශීයව නොලැබෙන විදෙස් සමාගම්වලින් ලැබෙන ඩොලර් කොමිස් කුට්ටි නිසාදැයි සැකයක් මතුවේ. විෂය භාර අමාත්‍ය පී.හැරිසන් ඊයේ පවසා සිටියේ “සේනා දළඹු වසංගතය මර්දනය සඳහා මේ වනවිට විදෙස් සහාය ලබාගනිමින් සිටින බවයි.
සේනා දළඹුවන් බඩඉරිගු වගාවට සිදුකරන හානිය මේ වනවිට පහව යන තත්ත්වයක් දක්නට ලැබුණත් එම දළඹුවන් සෙසු භෝග වෙත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ අනුර විජේතුංග පවසයි.
බඩඉරිඟු, කුරක්කන්, උක් මෙන්ම වී වගාබිම් වලටද පැතිර පවතින සේනා දළඹුවන් අද වන විට ප්‍රදේශ රැසක එළවළු වගාබිම් වලටද පැතිර ගොස් තිබේ.
මේ අතර සේනා දළඹුවන් වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ එළවලු වගා බිම්ද මේ වන විට ආක්‍රමණය කර ඇති අතර ඒ හේතුවෙන් ඒ ආශ්රිත ප්‍රදේශවල එළවළු මිලගණන් ඉහළ යාමේ අවදානමක්ද මතුව තිබේ.
ප්‍රදේශ රැසක එළවළු වගාවන්ටද සේනා පැතිර ඇති පසුබිමක තිස්සමහාරාම රන්මිනිතැන්න ප්‍රදේශයේ බඩ ඉරිගු වගාවන් එම දළඹු ආක්‍රමණයට මුළුමනින්ම ගොදුරු වී තිබේ.
ඒ අනුව සේනා දළඹුවන් හානි කර තිබු බඩ ඉරිගු වගාබිම් පුළුස්සා දැමීම සිදු කෙරුණි.
සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී , නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ අනුර විජේතුංග පවසන්නේ අද වනවිට සේනා දළඹු හානිය බඩඉරිගු වගාවෙන් පහව යන තත්ත්වයක් දක්නට ලැබුනත් එය සෙසු භෝග වෙත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.
මේ අතර සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා දේශීය රසායනික ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සෙවණගල, මහගම, සමඟිපුර ප්‍රදේශයේ ගෙවිලියක් සමත් වී අති බව වාර්තා වෙයි.
සෙවණගල, සමාධිපුර පදිංචිව සිටින ඩී.එල්.ජී. ශ්‍රියානි මහත්මිය මෙම ඖෂධය නිපදවා තිබේ.
මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසු විනාඩි 30ක පමණ කාලයක් ඇතුළත දළඹුවන් සියල්ල මිය යන බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ තරුණයෙක්ද එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය භාවිත කරමින් දළඹු පාලනයට ක්‍රමවේදයක් සොයා ගෙන තිබේ.
එවන් පසුබිමක කුලියාපිටිය , මූණමල්දෙනිය ප්‍රදේශයේ පවත්වාගෙන ඔසුසලක ආයුර්වේද වෛද්‍යවරයෙක් සේනා දළඹුවා නැසිය හැකි බව කියන ඖෂධයක් නිෂ්පාදනය කර තිබේ.
දේශිය ඖෂධ භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙම ඖෂධය භාවිතයෙන් පසු විනාඩි 10ක් තුළ සේනා දළඹුවන් මිය යන ආකාරය එය අත්හදා බැලිමේදි දක්නට ලැබුණි.