පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි
- RSL
- February 11, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahesh Senanayake, Makadure Madush, Sri Lanka Army
- 0 Comments
පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය.
මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව පැවසූ හමුදාපතිවරයා පාතාලය මැඬලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවද කීය.
මෑතකදී බුරුතු පිටින් පාතාලය සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත යැයිද එම බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම ඉතා වැදගත් යැයිද හෙතෙම සඳහන් කළේය.
යුද්ධ හමුදාව සමග බුද්ධි තොරතුරු බෙදාගෙන මෙම වැටලීම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දිරිමත් කරන අතර මේ සඳහා වැටලීම් ඒකකය දිරිගැන්වීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුල්වී තිබෙන බවද හමුදාපතිවරයා කීවේය.

