පාතාලයෙකු වූ මධුෂ්ගේ තවත් ගෝලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

Spread the love

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාකදුරේ මදුෂ් සමග ඍජු සම්බන්ධතා පවත්වමින් අපරාධ රැසකට සම්බන්ධ අකුරැස්ස,තෙලිජ්ජවිල,තල්ගස්වත්ත සහ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ය.

සැකකරු මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන දැනට මිනීමැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රොටඹ අමිල සම්පත්ගේ ටි 56 වර්ගයේ ගිණි අවිය සුරියවැව හත්පෝරුව ප්‍රදේශයේ පිහිටි මාකදුරේ මදුෂ්ගේ පියා පදිංචිව සිටි නිවසේ සැගවිමට රැගෙන යමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත් විය.

මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් මේ දිනවල සිදු කරන විවිධ පරික්ෂණ කටයුතු හේතුවෙන් මෙම ගිනි අවිය හා පතුරම් සැගවිමට රැගෙන යමින් සිටින බවට තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල් මහතාට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.

මොහු අත්අඩංගුවට පත් සැකකරු මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් දිනයේදී නිවසේ සියළු කටයුතු සොලා බලා සිදු කළ අයෙකු බවත්,ඔහු මාකදුරේ මධුෂ් සමග දුරකතනයෙන් ඍජුවම සම්බන්ධකම් පවත්වන අයෙකු බවත් පොලිසිය පවසයි.

අත්මෙඅඩංගුවට ගත්ම අනික් පුද්ගලයා හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් වරෙන්තු දෙකක් සහ මිනිස් ඝාතන වලට අනුබල දීමේ නඩුවක් සම්බන්ධයෙන් තවත් වරෙන්තුවක් ඇතැයි නිලධාරීහු කියති.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.බී. දයානන්ද මහතා ලැබුණූ ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවටපත් සැකකරුවන් ටි 56 ගිණි අවිය හා ජිව උණ්ඩ 29 සමඟ වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා සුරියවැව පොලීසියට බාරදිමට නියමිත අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

RSL

Related Posts