මහින්දගේ නියෝගයෙන් ඒකාබද්ධයේ හොරු රංචුවක් වෙල්ගමට තලයි (වීඩියෝ)
- RSL
- October 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Joint Opposition, Kumara Welgama
- 0 Comments
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමට, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔහු ඉදිරිපිටදීම ඒකාබද්ධ විපක්ෂයේ සිටින විවිධ හොරකම්, දූෂණ වංචා වලට සම්බන්ධ අධිකරණයේ නඩුත් …යේ විමර්ශනත් ඇති “හොරු” ලෙස ජනතාව අතරේ නම් දරා සිටින මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයවලුන් විසින් ප්‍රසිද්ධියේ දැඩි ප්‍රහාර එල්ලකරමින් සිටිති.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම යනු අගමැති රනිල් වික්‍රමසිංහගේ ඩීල්කාරයෙකු බවත්, ඔහු මිනීමරු ගෝඨාභය පැමිණෙනවාට විරුද්ධ ඒ නිසාවෙන් බවටත් ඔවුන් චෝදනා කරති.
කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහු වටා සිටින හොරු රංචුවට මේ මොහොතේ අවශ්‍ය ඔවුන්ට ඇති නඩු ටික යට ගසා ගනිමින් ආණ්ඩු බලය ගෙන යළි සුපුරුදු හොරාකෑම ආරම්භ කිරීමට වන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නඩු නැති පිරිසිදු දේශපාලන චරිතවලට එවැනි පටු අවශ්‍යතාවයක් නොමැති වීම හේතුවෙන් මොවුන් මෙලෙස ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිති.

