ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි

Spread the love

රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා ‘රට හදන ජනතාවාදී පාලනයක් උදෙසා වැඩ කරන ජනතාවගේ දායකත්වය’ යන සංවාද සභාවට එක්වෙමින් පැවසීය.

මන්ත්‍රිවරයා පැවැසුවේ ශ්‍රී ලනිපය හා එජාපය ජනතාවට එපා වුවද ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඇතැමුන්ට අවශ්‍ය නැති බව පෙනෙන බවත් හොරකම්, දූෂණවලින් තොර තිරසර රටක් අවශ්‍ය නම් එකම විසඳුම ජවිපෙ බවත් අවබෝධ කරගත යුතු බවය.

දේශප්‍රේමය තවරාගත් ඇතැම් දේශපාලනඥයන් මහින්ද රාජපක්ෂ මහතා චීනයට වරාය විකුණද්දී ඉඩම් විදෙස් සමාගම්වලට පවරද්දී නිහඬව සිටි බවට චෝදනා කරන දිසානායක මහතා තවදුරටත් පැවැසුවේ එදා සේවක අර්ථසාධක අරමුදලට කෝටි 2800ක් පාඩු කර සූදු කෙළීම ඇරැඹූ රාජපක්ෂවරුන්ගේ ගමන් දිගුවම රනිල් වික්‍රමසිංහ අගමැතිද මෙවර ක්‍රියාත්මක කරමින් සිටින බවය.

එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා බවද ඔහු පැවැසීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

අද අපි මුහුණ දී තියෙන අභියෝගය තමයි කොහොමද ජාතික ධනය නිෂ්පාදනය කරන්නෙ කියලා. අපි ඔක්කොම එකතු වෙලා ජාතික ධනය නිපදුවත් ඉහළම ඉන්න කොටසක් 38.1%ක් භුක්ති විඳිද්දී ඉන් 1.1%යි පහළම කොටසම භුක්ති විඳින්නෙ. ඒ ජාතික ධනය අපි නිෂ්පාදනය කරලා රනිල් වික්‍රමසිංහට, බැසිල් රාජපක්ෂට භාර දෙනවා. හරියට නරියට කුකුල්ලු භාර දෙනවා වගේ.

RSL

Related Posts