රට පුරා මහ වැසි; දිස්ත්‍රික්ක තුනක ජනතාව පීඩාවට

Spread the love

රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති.

වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2292ක පුද්ගලයන් 8485 දෙනෙකු අසරණ භාවයට පත්ව ඇතැයි ගාල්ල දිසා ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. වැසි තත්ත්වයත් සමඟ වාර්තා වූ මරණ සිදුවී ඇත්තේ ගංවතුරට හසුවීමෙන් නොවන බව කියා සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම මරණ සිදුව ඇත්තේ ජලය සහිත ස්ථානවල ගමන් කිරීමෙන්, පිහිනීමට යාමෙන් යැයි කියා සිටී.

අධික වර්ෂා තත්ත්වය සමග පෙරේදා (05) පස්වරුවේ හමාගිය දැඩි සුළඟකින් පස්වරුවේ මහනුවර උඩුනුවර ප්‍රදේශයේ නිවාස 71ක දැඩි අලාභහානි සිදුවී පුද්ගලයින් 216 දෙනෙකු අවතැන්ව ඇතැයි උඩනුවුර ප්‍රාදේශීය ලේකම් කාරියාලය පවසයි.

ගාල්ල ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාස 19න් 10කම මේ ගංවතුර හා වැසි වතුර තර්ජනය බලපා ඇති අතර මේ හේතුවෙන් නිවාස පහකට පූර්ණහානි සිදුවී නිවාස 25ට පමණ අර්ධහානි සිදූවී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් සුළු ව්‍යාපාර 52කට පමණද හානි සිදුව ඇති අතර අසරණ භාවයට පත් පවුල් වලට අවශ්‍ය පිසූ ආහාර ලබා දීම කටයුතු පෙරේදා දහවල් වන විට ආරම්භ කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරි සහන් හේවාගම මහතා කියා සිටි.

ගාල්ල දිස්ත්‍රික්කයට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මේ වන විට අවශ්‍ය සහන කටයුතු ආරම්භ කර ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියා සිටි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර රංගොඩ ගොවි සෙවණ මධ්‍යස්ථාන ඉඩමේ පිහිටි විශාල මාර ගසක් නිවාස හතරක් මතට කඩා වැටි තිබෙන අතර එක් නිවසක සිටි කුඩා දරුවකු සහ වැඩිහිටියකු තුවාල ලබා උඩුනුවර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. මේ මාර ගස කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් එය කපා ඉවත් කරන ලෙස බලධාරින් දැනුවත් කර තිබුණත් එය සිදු නොකළ බව ප්‍රදේශවාසිහු පවසති.

උඩුනුවර ප්‍රදේශයේ රංගොඩ,ගලගමුව,කිරිවවුල ප්‍රදේශවල නිවාස 30කට දැඩි හානි සිදුව ඇති අතර නිවාස 41ක් අර්ධ හානි සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

අවතැන් වූ පිරිස ඔවුන්ගේ ඥාතින්ගේ නිවාස වල තාවකාලිකව පදිංචිව සිටින අතර හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනිම පිණිස කඩිනමින් මුදල් ලබා මුදල් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාෙදේශීය ලේකම්වරයා කියා සිටියේය.

RSL

Related Posts