“ජනබලය” කොළඹට එද්දී ජනපතිගේ බලතල කපන්න 20 පාර්ලිමේන්තුවට ඇවිත්!
- RSL
- September 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 20th Amendment, Anura Kumara Dissanayake, President Maithripala Sirisena
- 0 Comments
අද(05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවට එරෙහිව “ජනබලය” කොළඹට එද්දී විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනාව ඉදිරිපත් කළ අතර, එය සම්මත කරනු ලැබුවේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්ය.
නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරනු ලැබුවේ පසුගිය ජූලි 9 වනදායි.
එය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස 25 වනදා කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන්නේය.

