ශ්රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ
- RSL
- January 14, 2018
- උණුසුම් පුවත්, විමර්ශන
- Mahinda Rajapaksa, Mihin Lanka, President Maithripala Sirisena, Ranil Wickramasinghe, Sri Lankan Airlines
- 0 Comments
ශ්රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි.
ශ්රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව මීට පෙර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කර තිබිණි.
දේශපාලන විචාරකයින් පවසන පරිදි මෙම ‘ජනාධිපති කොමිසම’ද බැඳුම්කර ජනාධිපති කොමිසම මෙන් දැඩි ආන්දෝලනාත්මක එකක් වනු ඇතැයි වාර්තාවේ.

