රවි ශ්‍රීලංකන් ගුවන් සමාගමත් වෙන්දේසියේ දමයි
- RSL
- February 28, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lankan Airlines
- 0 Comments
වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක ඇතුළු හතරේ කල්ලිය රාජපක්ෂලාගේ සුදු අලියෙකු වූ මිහින් ලංකා ඈවර කිරීමෙන් පසු මෙරටට හිමි එකම ගුවන් සේවයත් වෙන්දේසියේ දමා බන්දේසියක තබා විකුණා දැමීමට සැරසෙන බවට අනාවරණයවේ.
ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා වැඩිම ඉල්ලුමක් සහිත ඉල්ලුම්කරුවන්ගෙන් ලංසු කැඳවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මේ වන විට ලැබී ඇති ලංසූ පිළිබඳ සතුටුදායක නොවන බවත් රවී කරුණානයක මහතා වැඩිදුරටත් පවසා තිබේ.
පසුගිය පාලන සමයේ අකාර්යක්ෂම හා දූෂිත ගණුදෙනු හේතුවෙන් ගුවන් සමාගම පාඩු ලැබූ බවත් මේ වන විට එය ඇමර්කානු ඩොලර් බිලියන 3.25 (රුපියල් කෝටි 49,200) පමණ ණයක් තිබෙන බවත් ණය ගෙවීම සඳහා සමාගම විකුණන බවත් එම වාර්තාවේ සඳහන් වේ.