සෝභිත හිමි ගැන ප්‍රකාශයට උඩුවේ හිමිට වැඩ වරදින ලකුණු!
- RSL
- March 26, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කරන ලදැ යි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ වී ඇත.
නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ, උඩුවේ හිමියන්ගෙන් කටඋත්තරයක් ගෙන ඒ පිළිබඳ පරික්ෂණ ආරම්භ කරන ලෙස ය. සෝභිත හිමියන්ගේ අපවත් වීමෙන් කලක් ගත වූ පසු හදිසියේ කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ හදිසි අවධානය යොමු වී ඇති බව දැනගන්නට ඇත.
තවම හෙළි වී නැතත් මේ ප්‍රකාශ යටින් බරපතල දේශපාලන කුමන්ත්‍රණයක් දිව යන බව බොහෝ විචාරකයන්ගේ මතය යි.
