සාධු වාචාය සංවරෝ!
- RSL
- February 24, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Bodu Bala Sena, news, reports
- 0 Comments
සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ “සාධු වාචාය සංවරෝ” යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම ඛේදවාචකය නම් භික්ෂුවකට බුදු වදන සිහිවෙන්නට බන්ධනාගාරගත විය යුතු වීම ය. කෙසේ වෙතත් එසේ හෝ බුදු වදන මතක් වන්නේ නම් සතුටකි. එහි දී ඥානසාර හිමි පවසනු ලැබූ ගාථා පාඨය සම්පූර්ණයෙන් මෙසේ ය.
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ
මෙහි අදහස නම් කයෙන්, වචනයෙන් පමණක් නොව මනසින් ද සංවර වීම සාධු ගුණයක් බව යි.
බුද්ධ වචනයේ මූලික සංකල්පයක් නම් අත්හැරීම යි. සිද්ධාර්ථ කුමාරයා චක්‍රවර්තී රාජ්‍යත්වයක් අතහැර බුද්ධත්වයට පත් වූ හ. පසුකාලීනව බුදුන් වහන්සේ දේශනා කළේ තම දහම විනාශ කරන්නන් බිහි වන්නේ තම ශාසනය තුළින් ම බව යි.
