ජාතිය කෙලින් කරන උන්නාන්සේ දවසෙන් වැටෙති!
- RSL
- January 27, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Bodu Bala Sena, news, reports
- 0 Comments
අධිකරණ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ එහිමිගේ අනුගාමිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී රෝහල්ගත වන්නැයි පැවසූ විට ලෙඩක් නැතිව රෝහල්ගත නොවන්නේමැ’යි සීහනාද කළ ඥානසාරයෝ අද සවස්වන විට මන් බිඳ ගෙන ඇති බව වාර්තා වෙයි.
බොදු බල සේනාවේ මහා න්‍යායාචාර්ය ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ අද(27) දහවල් පැවසුවේ ද ඔවුන්ගේ මහලේකම් සුවයෙන් සිටින බවත් ලෙඩක් නැතිව රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කරන බවත් ය. නමුත් අද සවස්වන විට තත්ත්වය වෙනස් වී ඇත. දහවල් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සුවයෙන් සිටි ඥානසාර හිමි බන්ධනාගාර රෝහල්ගත වී ඇත.
දැන් බොහෝ දෙනා අසන පැනය නම්, ඊයේ ඇතුලෙ කොල්ලො ටිකත් බලල එන්නම් කියා ගිය, ජාතිය නැගිටුවන්නට බෑඟිරි නඟන ඥානසාරයන් දවසෙන් ඇද වැටී ඇත්තේ ඇයි ද යන්න යි.